- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editorial
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබේ.
මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයෙකු වැඩතහනමට ලක්කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මෙම වැඩතහනමට ලක්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. අදාළ මහෙස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන සිදුකර ඇති බව වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (03) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයට භාර දී ඇත. එම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවය. ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගියේය. මියන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේ පසුගිය සිකුරාදා දිනයේදී ය. එම භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 3000 සීමාව අද ඉක්මවා ගියේය. දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය ඇතිවය. මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබේ. එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය. අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මෙම නව බදු ප්‍රතිපත්තියට…
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි. මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ…
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය. උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ඊට අමතරව මෙසේ භාර ගැනීමට නියෝග කෙරුණු නාම යෝජනා පත්‍ර හැර සෙසු නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම්වලට අදාළ නඩුවලට පාදක වන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පත්වීමේ කටයුතු හෙට (03) දින තෙක් අත්හිටුවන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය. අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 30 ක් පමණ අද යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ…
ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබේ. මේ නිසා මැදපෙරදිග අමෙරිකානු යුද කඳවුරු වෙත යුද ගුවන්යානා ඇතුළු යුධෝපකරණ යැවීමට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කටයුතු කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළේය. මේ විදියට යවා ඇත්තේ කවර වර්ගයේ යුද ගුවන්යානා ද යන්න සහ ඒවා යොදවා ඇත්තේ කුමන කඳවුරුවලට ද යන්න පෙන්ටගනය අනාවරණය කර නැහැ. කෙසේ නමුත් අමෙරිකානු ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඉන්දීය සාගරයේ දියේගෝ ගාර්ෂියා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුද කඳවුරේ සිට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා 6ක් පමණ පසුගිය සතියේ වෙනත් ස්ථාන වෙත යවා…
තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ. කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී…