Author: Buzzer Editorial

අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරයි උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

Read More

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු ජාතීන් 20කට අයත් පුද්ගලයින් 250කට අධික පිරිසක් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ ආරක්ෂක කණ්ඩායමක් විසින් අදාළ පිරිස මුදවාගෙන තායිලන්තය වෙත රැගෙනවිත් ඇති බවය. මියන්මාරයේ කරෙන් ප්‍රන්තයේ කඳවුරු තුළ රඳවා සිටි පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිවී තිබේ. ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි. පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි. කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ⁣හිමිවනු ඇත. ඒ අනුව අවම දිනවලදී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිතය. එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතී. පාළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇති. එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවෙයි. මෙම තත්ත්වයන් මත…

Read More

රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කිරීමට නියමිතව තිබූ රයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමත් සමඟ එම ගුවන් ගමන දින දෙකකට කල් තැබීමට සිදු වූ පුවත්ක විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර බළලෙකුගේ කෑ ගසන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොදිසි කිරීමකදී නිසැකවම බළලෙකු ගුවන් යානයේ සැඟව සිටින බව අනාවරණය වී ඇත. ඒ අනුව, නඩත්තු සේවකයින් බළලා සිටින ස්ථානය සේවීමට කටයුතු කර තිබේ. එහිදී බළලා ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර තිබෙන මැදිරියේ සැඟව සිටින බව සොයාගෙන ඇති නමුත් ඌ අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම නැවත නැවත් බළලා උපාංග ඇතුලට රිංගා ගොස් සැඟව…

Read More

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙන බව ඔහු සඳහන් කළේ ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ, කඩවත සිට මීරිගම දක්වා කොටසයි. එම කොටසේ දිග කිලෝමීටර 37 කි. එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම්, මේ වනවිට අවසන් කර තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද…

Read More

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදුකෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව මෙලෙස ගිවිසුම් ගත වූ බවය. මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අත්සන් තබා ඇත. මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ගෝලීය වෙළෙඳපොළවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීමත් සඳහා ආරක්ෂිත නීතිමය රාමුවක් සපයයි. ආයෝජකයින්ගේ අයිතිවාසිකම්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවය. නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය. ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත්…

Read More

මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය. රුපියල් බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.

Read More