- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
- තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
Author: Buzzer Editorial
Jaguar, Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙ. ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙනි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇතා මාතෘකාවකි. සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තේය. එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදාය. එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර්, ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබේ. යුරෝපානු…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී ඇත. කෝසල නුවන් මහතා ඊයේ ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවිය.
පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිලි 9ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (06) දිනය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. බැණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මතුගම, බදුරලිය, අලුත්ගම ,කළුතර දකුණ, මුල්ලේරියාව,කැලණිය සහ රාගම යන පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය. යතුරුපැදි පෙළපාළි පැවැත්විම, ජල ව්‍යාපෘතියක් මඟින් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම, දන්සල් පැවැත්වීම, නීති විරෝධි ලෙස පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය යනාදිය සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන්ව ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි. ඉන් දිස්ත්‍රික්ක 9 ක ඡන්ද පත්‍රිකා, මැතිවරණ කොමිසමට භාරදී තිබේ. තවත් දිස්ත්‍රික්ක 13 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිතව ඇතැයි ද රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සඳහන් කළේ ය. මේ වනවිට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව, ලක්ෂ 7 කි. එම තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට යොමුකර ඇතැයි ද ඔහු පැවසුවේ ය. මේ අතර , පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුල් රක්ෂිත පැකට්ටු හෙට තැපෑලට…
සාමාන්‍ය කට වහරේ කියවෙන කතාවක් තමයි “අඳුරේදී ඔබගේ සෙවණැල්ල වුව ඔබව හැරදා යයි” කියන එක. ඒත් අද (07) හිරුඑළිය පතිතව තිබියදීම දහවල් 12.12ට එළිමහනේ සිටින කොළඹ පදිංචිකරුවන්ගේ සෙවණැල්ලත් කෙටි වේලාවකට අතුරුදන්වුණි. මීට හේතු වුණේ ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වීම හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවණැල්ල නොපෙනී යාමයි. පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණයේදී ඇතැම් අවස්ථාවල පෘථිවියේ ඇතැම් ස්ථානවලට හිරු මුදුන්වීම සිදුවේ. එවන් අවස්ථාවල පෘථිවියේ එම ස්ථානවලට හිරු කිරණ සිරස්ව එල්ලවීම නිසා අදාළ ස්ථානවල පවතින වස්තූන්ගේ සෙවණැල්ල තාවකාලිකව අතුරුදන්වනවා. එවන් දින හඳුන්වන්නේ Zero Shadow Day ලෙසයි. ඉකුත් අප්‍රේල් 4 වැනිදා දෙවුන්දර තුඩුවෙන් සූර්යයා මුදුන් වීම ආරම්භ වූ අතර අප්‍රෙල්…
සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් ය. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් ඉස්මතු කර තිබේ. සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවයි. එනිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන…
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ. වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය. මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු…
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද, තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටුණි. මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර තිබේ. එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව පවතී. එය නිවේදනය කෙරුණු පසුගිය අප්‍රේල් දෙවැනිදා සිට ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ සුළුපටු බලපෑමක් නොවේ. ඉන් වැඩිම බලපෑමකට ලක්වූ ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේදීත් කැපී පෙනෙන ලෙස…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වේ. එහිදී මෝදි මහතා පවසා ඇත්තේ, “අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින් නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” යනුවෙනි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරන තමිල්නාඩු ඉන්දීය…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දින කැඳවා තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.