Author: Buzzer Editorial

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පිරිනමනු ලැබීය. පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය. එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ…

Read More

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර ඇත. නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැරී බෲක් නම්කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළේය. එම තීරණයෙන් දින කිහිපයක පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පක්කිරීම විශේෂත්වයක්ය. 2025 වාරය වෙනුවෙන් ඉකුත් නොවැම්බර් මාස පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී බෲක් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගනු ලැබීය. කෙසේ නමුත් එම වෙන්දේසියෙන් පසුව පැවති චැම්පියන්ස් කුසලානයෙන් එංගලන්තය ඉවතට විසිවීමත් සමග ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේය. ඊට හේතු ලෙස ඔහු ප්‍රකාශකර තිබුණේ එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම…

Read More

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක කාලයක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

Read More

කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ. ඒ අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවය. මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ (10) දහවල් කාලයේදී සිදුවී තිබූ බවය.

Read More

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මත බව වාර්තා විය. මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි. මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් අවශ්‍ය වූ ඕනෑම මොහොතක දී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතුය. අදාළ මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන්…

Read More

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

Read More

උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියම කළේය. ඒ අනුව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසත් අධිකරණය විසින් නියම කර තිබේ. අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළහ.

Read More

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් “අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිත ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ…

Read More

සිරි දළදා වන්දනා පුණ්‍යෝත්සවය 2025 අප්‍රේල් මස 18 වන දින සිට 2025 අප්‍රේල් මස 27 වන දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුලදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. දළදා වන්දනා පුජා මහෝත්සවය කලට වැසි ලැබ, රටට සමෘද්ධිය, සෞභාග්‍යය, සමගිය හා සමාදානය ප්‍රාර්ථනා කොට දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලබන අතර, දළදා වන්දනාවෙහි අවසාන අභිප්‍රාය වනුයේ බෞද්ධ පුනරුදයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් වඩාත් විචක්ෂණ ශීලී විනය ගරුක සමාජයක් බිහි කිරීමයි. එම අභිප්‍රාය ඉටුකරනු වස් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමාගේ පුර්ණ අධීක්ෂණය සහ මහපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස් හි දායකත්වය මේ සඳහා ලබා දී ඇත. මෙහිදී ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම)ට…

Read More

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර තිබේ. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහිව ජයග්‍රහණය කිරීමේ 80වන සංවත්සරය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන උත්සවය සඳහා පැමිණෙන ලෙස මෙම ආරාධනා කර ඇත. එම සැමරුම මැයි මස 9වනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව රුසියාවට මිත්‍ර රටවල් කිහිපයක නායකයින්ද සහභාගිවීමට නියමිතව ඇත. අගමැති මෝදි මීට පෙර 2024 වසරේදී ද රුසියාවේ සංචාරයක නිරත විය. එම සංචාරයේදී අගමැති මෝදි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනය පුටීන් විසින් පිළිගෙන තිබුණි. කෙසේ වෙතත් එම සංචාරයේ දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

Read More