Author: Buzzer Editorial

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවිය. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබේ. වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැකකාරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන…

Read More

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි. මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ ඇත. නිමාවූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 2කින් සමන්විත වූ එක්දින තරගාවලියේදී මහීෂ් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම කඩඉමට පැමිණීමට හැකිව තිබේ. මහීෂ්ගේ පැමිණීමත් සමග මෙම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. මහීෂ් එක්දින ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව වේ.

Read More

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබේ. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදීය. එම විදෙස් ජාතික කාන්තාව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙන් මෙලෙස ඇද වැටී තිබුණි. එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි. මරණකාරිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණි. එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර…

Read More

“හරක් කටාට” CIDයෙන් පළායාමේ උත්සාහය සඳහා අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට ගැනීමනේ අනතුරුව දිවයිනට රැගෙන විත් තිබේ. මීට අමතරව ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තිදෙනාද දිවයිනට රැගෙනවිත් ඇත. ඉන්දීයාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ සිටි අද (19) දහවල් 12.35ට පමණ එම සැකකරුවන් රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. එම සැකකරුවන් සිව්දෙනා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව වාර්තා වෙයි.

Read More

අද (19) පස්වරු 3 සිට පැය 24න් දක්වාඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙද දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ අදාළ කාලය තුල දිවයිනේ පළාත් 6කට සහ ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි. උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී ඇත. ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් දැනුම්…

Read More

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි දෙදෙනා ගැන කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.‍ අද (19) දහවල් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසා සිටියේ, අදාළ ඝාතනය සඳහා රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “වෙඩික්කරු වගේම ඒ සඳහා සහාය දැක්වූ රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාවත් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සියල්ල සිදුකර තියෙන්නේ. එම කාන්තාවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක්. ඒ සියලු දෙනා හඳුනාගෙන අදාළ විමර්ශන සිදුකරනවා.…

Read More

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. එම තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපතිවයා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති ” පශ්චාත් අයවැය කතිකාවත 2025″ සංවාදයට එක්වෙමිනි . ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබාගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා…

Read More

යුද්ධ හමුදා 54 වන පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.පී.එම්.එන් ගුණසේකර විසින් 2025.02.11 වන දින මුදලින් රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි ඇතුලත්වූ මුදල් පසුම්බියක් මන්නාරම නගරයේ බැංකු පරිශ්‍රයක වැටී තිබියදී සොයා ගෙන එය එහි සැබෑ අයිතිකරු හට ලබා දීම සදහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත. පසුව මන්නාරම පොලිසිය විසින් එම මුදල් පසුම්බිය එහි හිමිකාරිය වූ මන්නාරම පදිංචි සුන්දරරාසා මේරි සුදර්ශනී මහත්මිය වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මෙම සෙබලියගේ ආදර්ශමත් ක්‍රියාව යුද්ධ හමුදාව විසින් ප්‍රදේශවාසී සිවිල් ජනතාව සබැදිව දක්වන මානුෂික බැදීම කදිමට පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා…

Read More

අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (16) දින උදෑසන 6.00 ට යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ වු අතර, දියත උයන, බත්තරමුල්ල,අතුරුගිරිය හරහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදය දක්වා කි:මි 22 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ මෙම තරඟය සඳහා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සමගින් රෙජිමේන්තු 21 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකු සහභාගි වූහ. මෙම තරඟාවලියේ සමස්ත පිරිමි ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගත් අතර, සමස්ත කාන්තා ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය දිනාගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර්…

Read More