- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editorial
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 10 වනදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණි. ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇත. තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව වාර්තා වෙයි.
මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය. සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අරුණ විදානගමගේ සහ ඔහුගේ දියණිය මෙන්ම සහ පුතුගේ අවසන් කටයුතු කුඩගල්ආර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.
චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබේ. චීන මාධය වාර්තා කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත තවත් අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිත බවය. චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර ආරක්ෂණ සහයෝගීතාවයේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද එම මාධය වාර්තා සඳහන් කර තිබේ.
ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇත. මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බවය. මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන…
වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ. ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය. ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ. එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස…
මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බවය. අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙවර අයවැයෙන් ගුරු – විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් වැඩිවීම ද නොලැබුණු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේය.
මඩකලපුව මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක ගැටීමෙන් වනඅලි 6 දෙනෙකු මියගොස් තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, වනඅලි 7 දෙනෙකු ඊයේ(19) රාත්‍රියේ දුම්රියේ ගැටී ඇති බවයි. මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර කැලෑබද ප්‍රදේශයේදී, 141 වන සැතපුම් කනුව ආසන්නයේදී වන අලි 7 දෙනෙකු දුම්රියක ගැටී මෙම අනතුර සිදු විය. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. වනඅලි ගැටී ඇත්තේ, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේයි. කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් වන අලි 6 දෙනෙකු මියගොස් තිබේ.…
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ, ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවය. දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමිනි.
හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත. මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී තිබේ. ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසයි. එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇත. එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇති අතර නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබේ. පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව…