Author: Buzzer Editorial

හෙට (24) සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි තරුණයෙකු සහ චමෝද් ගිම්හාන…

Read More

සුනඛයන් සපාකෑම හේතුවෙන් පසුගිය 2024 වසරේදී පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ගෙන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 20) ප්‍රකාශ කළේය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරෑෆ් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සුනඛයන් සපාකෑමෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 85-100ක් දක්වා මුදලක් වැය කරන්නට සිදු වන බවත් හෙතෙම කීවේය. ගිය වසරේ දී වැඩිපුරම සුනඛ සපාකෑම් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4035 දෙනකු සුනඛයන්ගේ සපාකෑමට ලක්ව ඇති බව ද පෙන්වා දෙයි. ඒ අතරින්…

Read More

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (20) හෝකන්දර, ඉලුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී වුණි. මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස, අධ්‍යාපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන දායකත්වය පෙන්වාදෙමින් එම විද්‍යාලීය විදුහල්පතිවරයා වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය සහ විදුලි උපකරණ පරිත්‍යාගයක්ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම හා යුද්ධ හමුදා විධායක ජෙනරල්, මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ගුරු භවතුන්, දෙමාපියන් සහ…

Read More

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවය. ‍ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි. The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්,…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය. කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා වෙත ලද පැමිණිලි සැළකිල්ලට ‍ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා තමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව මෙලෙස සභාගත කරන බවය. නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සාමාජිකත්‍‍වයෙන් මෙම කමිටුව සමන්විත වූ බවත් කථානායකවරයා නිවේදනය කළේය. එසේම මෙම වාර්තාව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය. මේ…

Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවයි. අදානි සමාගම විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ක‍ළේ ය. නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසරක බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවයි. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3කි.

Read More

මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම්දී ඇත්තේ, එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පවත්වන බවයි. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත. මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ. මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාව ප්‍රකාශ කර ඇත.…

Read More

OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇත. නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.

Read More