Author: Buzzer Editorial

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවය. මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව හිමිවුණි. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ.…

Read More

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම්කර තිබේ. ඒ අනුව එම කමිටුව ඊයේ (23) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදුකර ඇත. මෙම කමිටුව එළැඹෙන 25වනදා නැවත රැස්වීමට නියමිතව තිබේ. 2022 අංක 05 දරන නිලධරයන් ඉවත්කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලය බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට…

Read More

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More

ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර ඇත. දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී ඊයේ (22) සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය මෙම තීරණය ගෙන තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත. පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකු හෝ භාරගෙන නොමැති වුවත්, ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් මෙය එල්ලකරන්නට ඇති බවට ඉන්දියාව විශ්වාස කරයි. ඒ අනුව ඉන්දියාව දැනටමත් පාකිස්තානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළා ඇත. දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ…

Read More

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය හෙට (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත. පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

Read More

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් අද සහ හෙට දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.  සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි. පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය. එබැවින් අද (24) දින සහ හෙට (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි. ඒ නිසා අද සහ හෙට දෙදින…

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා “පාස්කු සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලු හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස ද එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇතැයිද සඳහන් වේ. එමෙන්ම මෙම සටන් විරාමට යුක්‍රේනය අනුගමනය කරනු ඇතැයි තමන් උපකල්පනය කරන බවත් නමුත් සිදුවිය හැකි ඕනෑම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මැඩපැවැත්වීම සඳහා රුසියාව සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්දව විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පාස්කු සටන් විරාමය යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇත්දැයි තවමත් පැහැදිළි වී…

Read More

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුය පැවසුවේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

Read More

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලැබේ. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ. බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවය. අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය…

Read More

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ. සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය. “සිරි දළදා වන්දනාව” සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ. මේ අතර සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික්…

Read More