Author: Buzzer Editorial

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පසුගිය මාර්තු 3 වන දින සිට අද (30) උදෑසන දක්වා වූ කාලය තුළ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ අතර, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් ද 349 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. මේ අතර, ඊයේ දිනට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් වාර්තා වී ඇති අතර, ඉහත කාලය තුළ පැමිණිලි 89ක් වාර්තා වී ඇත. මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව වාහන 32ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. ගින්නට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දී නොමැති අතර, අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බව වාර්තා වේ. ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් පෙන්නුම් වන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරයි. චීනයේ කාර්ය මණ්ඩලය බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන විදෙස් මාධ්‍ය පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීගයේ කණ්ඩායමක හිමිකාරීත්වයක් දැරිය යුතු වගකීම් සහ කොන්ත්‍රාත්තු සපුරාලීම පැහැර හැරීම හේතුවෙන් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කොලොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් ඉවත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මේ අනුව එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීගයේදී යාපනය සහ කොළඹ කණ්ඩායම් නව හිමිකාරීත්වයක් යටතේ සහභාගී වනු ඇති බව වාර්තා වේ.ලංකා ප්‍රිමියර් ලීගය ජූලි අගදී?? දැනට ලැබෙන තොරතුරු අනුව පස්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගය එළැඹෙන ජූලි මස අග සහ අගෝස්තු මස මුල් සතිය තුළ ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පවතින අතර අදාළ තරගාවලියෙන් දින කිහිපයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයද සැලසුම් කොට තිබීම විශේෂත්වයකි.

Read More

IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. එහිදී අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙයිභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළේය. එම ශතකය IPL ක්‍රිකට් පිටියේ ලාබාලතම ක්‍රීඩකයෙක් රැස් ශතක ලෙස වාර්තා පොත් අතරට එක් විය. මෙම ශතකය IPL තරගාවලියේ දෙවන වේගවත්ම ශතකය ද වෙයි. අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත්විය. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම…

Read More

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා මැයි 3 වන දින සිට මැයි 6 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිත බවය. මේ අතර වියට්නාමයේ දී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර, එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බව ද පැවසීය. අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිවූ අදාළ ගිවිසුම් පහතින් දැක්වේ. * ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය…

Read More

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. ෙඑම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Read More

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත. රෝයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවය. මැයි මස 09 වන දිනට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බව චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා, “දිවයින පුරා කුමන හෝ දන්සලක් ඔබ විසින් ලබාදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ඔබ අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…

Read More

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවය. මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අද දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අදින් පසු නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් මේ මස 30 වැනිදායින් පසුව තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස්…

Read More

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More