Author: Buzzer Editorial

විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අද (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, “මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන…

Read More

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි. ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකය. අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳඟහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.

Read More

2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවය. “රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්. ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව…

Read More

ළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි. තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි. කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි. මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති. පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන…

Read More

පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ කිසිඳු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල නොකළ බවත්, ඉතාම සූක්ෂමව හඳුනාගත් ත්‍රස්ත ඉලක්කවලට පමණක් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් ඉන්දීය බලධාරීන් පවසයි. මෙම ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ පන්ජාබ් පළාතට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නිවෙස්වලින් පිටතට ගමන් නොකරන ලෙසයි. ඉන්දියානු ප්‍රහාර හමුවේ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් පකිස්ථාන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ අතර ඉන්දීය ජෙට් යානා තුනක් සහ ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලූ බව පකිස්ථාන හමුදාව පැවසුවේය. එහිදී ඉන්දීය හමුදා සෙබලුන් කිහිප…

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය – 81814 (48)සමගි ජන බලවේගය – 58375 (29)එක්සත් ජාතික පක්ෂය 26297 (13)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9341(05)ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8630 (4)ස්වාධීන කණ්ඩායම් 3 – 5934 (03)සර්වජන බලය – 3911 (02)

Read More

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය. ඒ අනුව, බදුල්ල – 48%මන්නාරම – 47%මොණරාගල – 43%අම්පාර – 41%අනුරාධපුරය – 40%කිලිනොච්චිය – 39%පුත්තලම – 38%රත්නපුර – 38%ගම්පහ – 36%යාපනය – 34%

Read More

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ. කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත. එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත. සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More