Author: Buzzer Editorial

තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබුණි. එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර ඇත. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.

Read More

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති බව සඳහන්. රෝහිත් සිය ටෙස්ට් හිස්වැස්ම සහිත ඡායාරූපයක් ඔහුගේ Instagram ගිණුමේ පලකරමින් “සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” දක්වමින් සිය සමුගැන්ම තහවුරු කර ඇත. “වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ ආදරය සහ සහයෝගයට ස්තූතියි” යනුවෙන්ද එහි සඳහන් කර තිබේ. 2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු…

Read More

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය. ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත. එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රිකවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ (07) ආරම්භ වුණි. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ…

Read More

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) 2025 මැයි මස 07 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, උතුරු නාවික විධානය වෙත ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික ‍නෞකා එළාර ආයතනය මඟින් එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදි, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර අටක (08) පාර්සල් එකසිය තිස්නවයක (139) අසුරා…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී එය 3%ක පහළ යාමකි.

Read More

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වෙන්න කැමතිනම් ඒ පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බවය. “ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහරතැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු කුඩා…

Read More