Author: Buzzer Editorial

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

Read More

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.” යනුවෙනි. මේ අතර අභිනව පාප් වහන්සේ ධුරයට පත් වීමෙන් අනතුරුව 14වන ලියෝ පාප්වහන්සේ ලෙස නම්කර තිබේ. 69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය. එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ ලෙසින් ද ඉතිහාසයට එක්වුණි. ශුද්ධෝත්තම…

Read More

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ. අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

Read More

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය. ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි. වැඩි විස්තර පහතින්,

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී ඇත. විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි. අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවද වාර්තා වෙයි. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. මේ අතර ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිට ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවය. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…

Read More

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක…

Read More

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් අද (8) පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත. 69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය. එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය. ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය. 88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.…

Read More

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පැනයක් යොමු කරමින් අසා සිටියේ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද ? යනුවෙනි. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය. කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. “ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න.…

Read More

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවය. එමෙන්ම තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බව අදට යෙදී ඇති ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසීය. “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම“ යන තේමාව යටතේ මෙවර තැලසීමියා දිනය සමරනු ලබයි.

Read More

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමග එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇති බව සදහන් වෙයි. ඇය, මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන…

Read More