Author: Buzzer Editorial

තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙනව ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදි ඇය මෙරටට පැමිණි පසු රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව ඇත. රේගු නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වන බවය. සැකකාරිය හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගත් බවත් රේගු නිලධාරීන් පැවසුවේය.

Read More

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කිදී රැසකරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.

Read More

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදුකෙරෙන බව ඔහු පැවසීය. ඉන් අනතුරුව අනතුරට හේතුවූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය.

Read More

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ. අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය. අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

Read More

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව රේගු නිලධාරීන් පවසයි. ගුවන් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව සිටී. ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර, ඔවුන්ගේ ගමන් මලු 20ක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්වැට් සොයා ගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 600කි.

Read More

විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබීය.

Read More

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව හෙට (12) සහ අනිද්දා (13) දෙදින ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන තුළ සිදු කරනු ලබයි.

Read More

ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය. වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

UPDATE – 11.15 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත. —————————————————————— UPDATE – 10.55 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. —————————————————————— UPDATE – 09.23 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා එම…

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට අද (09) පැමිණියේය. එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කරන ලදී.

Read More