Author: Buzzer Editorial

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය. පසුගිය 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ දී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ. ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ…

Read More

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය. එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය. අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා. රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින් දිවයින පුරා…

Read More

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. 2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි යථාතත්ත්වයට පැමිණීමට බෙහෙවින් උපකාරී වූ අතර එහිදී ලද බොහෝ ණය ආධාර ඉන්දියාවේ EXIM බැංකුව හරහා සිදුකෙරුණි. මෙම සංශෝධන ගිවිසුම් ඉන්දියානු රජය සමඟ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය මාර්ග 07 සහ ගැනුම්කරුවන්ගේ ණය පහසුකම් ගිවිසුම් 04 ක් වෙනුවෙන් අත්සන් තබා ඇති අතර ඒවායේ සමස්ත වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 930.8කි.

Read More

ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය. බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය. ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත. ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ. 54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දැරීය. එම කාලය තුළ දසනායක අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සඳහා එක්දින වරම්…

Read More

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අද (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් විය.  හෙට වෙන්දේසි වන මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප්…

Read More

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක පසුගිය 13 වනදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගෙන සිදුකර තිබේ. එහිදී ඇමෝනියා පොහොර කූඨ ලෙස යූරියා පොහොර ලෙස ඇසුරුම් කර වැඩි මිලට ගොවියන් වෙත අලෙවි කර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.…

Read More

භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස ඊයේ (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට ද පත්විය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කි. මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය. මීළඟ අගවිනිසුරුවරයා ලෙස විනිසුරු භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බීආර් ගවයි) ගේ නම නිර්දේශ කරනු ලැබුවේ විනිසුරු ඛන්නා විසිනි. විනිසුරු බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා බවට පත්වූ අතර විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය. බී.ආර්.…

Read More

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවය. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. “ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් සභාවක ඒ ජනතාව, ඒ නගර සභාව බාරදෙන්න ඕනේ කියලා කල්පනා කරන ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක්…

Read More

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Read More

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කර තිබෙනවා ඒ ඇය ඉකුත්දා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පැවති තරගයේදී චර්යා ධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම හේතුවනි. ඒ හේතුවෙන් චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී තිබෙනවා. දකුණු අප‍්‍රිකානු ක‍්‍රිඩිකාවක් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Read More