Author: Buzzer Editorial

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු ඊයේ (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි. ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශනකොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර අද (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.

Read More

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය. අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය. ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී ඔවුන් ගෙන ආ…

Read More

දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි. හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව සිදුකෙරුණි. මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 5ක්, පෞද්ගලික බස් රථ 6ක් ඇතුළු රියදුරන් 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබේ. තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇත. මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා…

Read More

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ තිබුණි. ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා…

Read More

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ. ඒ අද ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා සහ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර යන අයයි. ‘Wild Cookbook’නාළිකාව පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය. ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්වෙමිනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය. 2020 වසරේ දී දියත් කරන…

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත. එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළේය. ඒ අනුව තරගාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වේ. IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවේ. ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර…

Read More

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා ‘දූෂණය’ නමැති පිළිකාව සමාජයෙන් තුරන් කළ හැකි බව අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය. අගවිනිසුරුවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ‘GovPay’ ඩිජිටල් ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ කිරීම වෙනුවෙන් අද පැවැති උත්සවයකදීය. ජාතික ජන බලවේග රජය යටතේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ‘GovPay’ පහසුකම පසුගියදා දියත් කෙරුණි. ඒ, ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබාගැනීමේදී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකිරීම අරඹමිනි. එම සේවාව www.govpay.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට මහජනතාවට අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව එහි තවත් අදියරක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී අද සිදුකෙරුණේ අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙනි. නීති වෘත්තිකයන්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනයේ සහ ලංකා…

Read More

පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කළේය. ඒ, අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේ දී. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබේ. මේ අතර, අනතුරට ලක්වූ බස් රථය කොත්මලේ පොලිසියේදී රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ද ඊයේ (14) ලක්විය. කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී පසුගිය 11 වනදා සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි. අනතුර…

Read More

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය. 41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ. 40 – සංගීතය (පෙරදිග)42 – සංගීතය (කර්ණාටක)45 – නැටුම් (හරත)51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)41 – සංගීතය (අපරදිග)44 – නැටුම් (දේශීය)50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) ඉහත සඳහන්…

Read More

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කරනු ලැබීය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව සඳහන් කළේය. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කළේය.…

Read More