- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවය. මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 2ට…
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ. මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ…
හෙට (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ. මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලැබේ. විකල්ප මාර්ග -• කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම්…
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ. යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය…
පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇති කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජුනි මස 02 වැනිදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. කෙසේ වෙතත් මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට 50% සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු බැවින් වූ එවැනි පසුබිමක මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවලයද දැඩි අවධානයක් යොමුව පවතී. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සිය උපරිම…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. තුසිත හල්ලොලුව මහතා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී අද (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවය. හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිඥවරයා විසින් මා සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල කරන මාධ්‍ය වාර්තාවල, ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාට දැනටමත් ලබා දී ඇති ඇප අවලංගු…
අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මෙම ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවය. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ…
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය. ඉන්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.