- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. 16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු…
ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී සිරාජ් සහ සමීර් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන පරිදි, සැලැස්මේ කොටසක් ලෙස සිරාජ් නැමැති සැකකරු විසින් විජයනගර්වලින් පුපුරණ ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. හයිද්‍රාබාද්හි ප්‍රහාර සිදුකිරීම සඳහා ඔවුන්ට, සෞදි අරාබියේ සිටින ISIS කණ්ඩායමක් විසින් සැකකරුවන්ට උපදෙස් ලැබී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. පසුගිය…
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණි. ඒ අනුව අමාත්‍යවරයා අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සියියේය. එහිදී අධිකරණය අදාළ නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය හේතුවෙනි. ඒ අනුව, එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය. තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…
2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අද (19) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත. එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. එම පිළිකා රෝගී තත්ත්වය මේ වන විට ජෝ බයිඩන්ගේ අස්ථි දක්වා පැතිර ගොස් තිබේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකිය. මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි. මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකි. අදාළ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය. ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි…
අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම්…