Author: Buzzer Editorial

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 245,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 240,500ක් ලෙසය. මේ අතර පසුගිය බදාදා රු. 260,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 265,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ, මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන බවය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අධිකරණයේ පෙනී සිටියේය.

Read More

තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ. ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න. ඉදිරියට මේවා කරයි ද ? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ. යුද්ධය කියන්නේ ඛේදවාචකයක්.…

Read More

2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ…

Read More

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත. 2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින්…

Read More

අද (20) පස්වරු 2.00ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය. පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, “විගණකාධිපතිවරයෙක් මේ රටේ සිටිය යුතුයි. දැන් දවස් 41ක් වෙනවා, විගණකාධිපතිවරයෙක් මේ රටට නැහැ. අවුරුදු 225ක් තිස්සේ විගණකාධිපතිවරරෙයක් පත් කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායක් තියෙනවා. රාජ්‍ය ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ ඉන්න පුද්ගලයාව පත් නොකර තිබීමට රජයේ යම්කිසි හේතුවෙක් තිබෙනවාද?“ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, “අද හවස දෙකට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා. එතනදී අපිට යෝජනා ඇවිල්ලා…

Read More

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය. එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය. අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

Read More

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර…

Read More

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභිසදී පැවැත්වේ. එහි සජීව විකාශය පහතින්,

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එනිසා අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ පවසයි.

Read More