Author: Buzzer Editorial

මැතිවරණ කොමිෂන් සභාව විසින් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන් සඳහා පැවරිය යුතු සංකේත ලැයිස්තුව සංශෝධනය කර ඇති අතර, එය ලැජ්ජාවට පත් කළ හැකි සහ ආගමික සංවේදීතාවන්ට බාධාවක් විය හැකි සලකුණු ඉවත් කර ඇති බව නිලධාරියෙක් පැවසීය. ලියාපදිංචි දේශපාලන පක්ෂවල සංකේත ඔවුන්ගේ අපේක්ෂකයන් විසින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමට අදහස් කෙරේ. කොමිෂන් සභාව විසින් තීරණය කර ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලැයිස්තුවේ ඇති සංකේත ස්වාධීන අපේක්ෂකයන්ට ඔවුන්ගේ මනාපයන් මත පවරනු ලැබේ. එම ලැයිස්තුවෙන් ඌරා සහ බල්ලා වැනි සංකේත ඉවත් කර ඇති බව කොමිසමේ ඉහළ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත. “මේවා අපේක්ෂකයන් අපහසුතාවයට පත්කළ හැකි සංකේත. එසේම ඒවායින් සමහර ප්‍රජාවන්ගේ ආගමික සංවේදීතාවන් රිදවිය…

Read More

සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොටුගොඩ පොලිස් මුරපොළ අසළදී පරීක්ෂා කළ අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට උත්සහ දැරීමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි. මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ, පූගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ. මෝටර් රථයේ ගමන් ගත් අනික් පුද්ගලයින් තිදෙනා…

Read More