- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. එහි දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (අගෝ. 12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය. ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. අදාළ පියවර පහතින් දැක්වේ.
By සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උඩරට හා පහතරට වතු ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ගිවිසුමකට අත්සන් කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා උඩරට, පහතරට වතුකරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, එම්. උදයකුමාර ඇතුළු ජනතා නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයේදී අද (අගෝ 12) මෙම ගිවිසුම වෙනුවෙන් අත්සන් තබා ඇත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කර වතු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දුන්නත් එම පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නැතැයි විපක්ෂනායකවරයා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව අදහස් දක්වමින් සඳහන් කළේ ය. ඔහු තවදුරට ත් සඳහන් කළේ, වතු…
JCT 4MS MV MSC CAPETOWN III යාත්‍රාවේ අගෝස්තු 11 වන දින පැය 0030 ට පමණ කොළඹ වරායේ Bay42 ප්‍රදේශය අසල පිපිරීමක් සිදු විය. පිපිරුම නිසා යාත්‍රාවෙන් සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම ඉවත් කරන ලදී. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) ගිනි නිවන හමුදාව, ආරක්‍ෂක නිලධාරීන්, වෛද්‍ය මධ්‍යම කණ්ඩායම් සහ ආරක්‍ෂක නිලධාරීන් සමගින් ඉක්මනින් දැනුවත් කර හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා බලමුලු ගන්වන ලදී. මෙම පිපිරීමෙන් සිදුවන ඕනෑම පාරිසරික හානියක් සම්බන්ධයෙන් නාවික නියෝජිතයා වගකිව යුතු බව රජය පෙන්වා දී ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි නැව් සමාගමකට අයත් MV MSC CAPETOWN III නෞකාව පසුගියදා සිංගප්පූරුවේ සිට කොළඹ වරායට පැමිණ…
අද (12), වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය පඩි පාලක සභාවේ දී සම්මත වී තිබෙනවා. එහිදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පවත්වා ඇති බව සඳහන් වේ.ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අතර, වැටුප් ප්‍රශ්නය මහාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී…
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්,වඩිවෙල් සුරේෂ් ,අනුර විදානගමගේ,සමරවීර වීරවන්නි,අරවින්ද කුමාර්,සුදර්ෂණ දෙනිපිටිය ඇතුලු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා ඒකමතිකව තීන්දු කළේ එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමටය. එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල්…
විදේශ ගමන් බලපත්‍ර ලබාගත් 23%ක පිරිසක් මෙතෙක් විදේශගත වී නැතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය. ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා. මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා. මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා. නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා. ඒ පාස්පෝට් ලබන ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිතයි. එය වර්ණ තුනකින් ලබාදීම සිදු කරනවා.…
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල්ද සමඟ ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය. මෙම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අනුර කුමාර මහතා, “ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි.අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපි පරිවර්තනය කළ හැකියි.අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව,සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත්…
ඇමැති අලි සබ්‍රි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඇමැති අලි සබ්‍රි අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු නව ඇමැති ධූරයේ දිව්රුම් දෙන්නේ, දැනට දරන විදේශ කටයුතු ඇමැති ධූරයට අමතරවය. හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ඇමැති ධූරය විදේශ ඇමැතිවරයා විසින් භාරගනු ලැබීවා. ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන ඇමැති ධූරවලින් පසුගියදා ඉල්ලා අස්විය. අලි සබ්‍රි මීට පෙරද අධිකරණ ඇමති ධූරයේ කටයුතු කර ඇත.
පන්දු 45 කින් නොදැවී ලකුණු 86 ක් ලබාගත් වමත් පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම, අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු හතක විශිෂ්ට ජයක් කරා කැඳවාගෙන ගියාය. තරගය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටි හර්ෂිතාගේ අපරාජිත ඉනිම හතරේ පහර 15 කින් සහ හයේ පහරකින් සමන්විත විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්හ. ලකුණු 146 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අවශ්‍ය වූයේ ඕවර 16.4 ක් පමණි. තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය නොවන තැනකට ළඟා වී සිටිති. …