Author: Buzzer Editorial

සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොටුගොඩ පොලිස් මුරපොළ අසළදී පරීක්ෂා කළ අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට උත්සහ දැරීමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි. මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ, පූගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ. මෝටර් රථයේ ගමන් ගත් අනික් පුද්ගලයින් තිදෙනා…

Read More