Author: Buzzer Editorial

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ. 1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැණුනු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරිණි. එතැන් සිට රට පාලනය කෙරුණේ, බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මඟිනි. 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණු ද එය ඩොමිනියන් තත්ත්වයේ නිදහස් විය. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ අල්ලස් නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මඟින් ඊයේ (20) නම් කළ පසුබිමකය. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල මහතා අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවය.

Read More

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කළේය. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුනි. මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ…

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට…

Read More

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය. කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයිනපුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇත. අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු…

Read More

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800ක් ඊට අයත් බවයි “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි. යල සහ මහකන්න දෙකක මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර යල…

Read More

පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් පාසල් ළමුන් සිව්දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම බස් රථයට කාර් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ, හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුරදීය. ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මේ වනතෙක් භාරගෙන නොමැත. කෙසේවෙතත් බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට සැකපළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සැකකාර වෙඩික්කරු ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එදින සැකකරු හඳුනාගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය. එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි. රැඳුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධි විධාන මැද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇත. එම අවස්ථාවේදී වාහන දෙකක් නවතා තිබී දී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබුණි. එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇත. අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More