Author: Buzzer Editorial

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනා, තමන්ට මෙම තීන්දුව ලැබෙන බව දැන් දැනම රට වෙනුවෙන් ඉදිරිපත්ව ජනාධිපතිවරයා සමග කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. අද මෙම ඇමැතිවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වීමේ අවකාශය සලසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. ‘ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දුන්නේ රටේ නීතිය සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුවයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනාම රටේ ඉතා තීරණාත්මක මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදුන්හ. ඔවුන් දෙදෙනාම තම දේශපාලන ජීවිතයට මග පෑදුවේ අවශ්‍ය මොහොතේ මේ ප්‍රතිඵලය දැනගෙනය. ආර්ථිකයත් රටත්…

Read More

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම නිවේදනය කර තිබෙනවා. මුලින්ම මෙම නැව් සේවාව ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදුවිය.පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවැනි අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ කීපයක් නිසාවෙනි. ලබන සතියේදී මෙම නැව් සේවාව ආරම්භ වීමත් සමගම එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 කි. එක්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි පැවසෙයි.

Read More

අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත. සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.

Read More

සුනඛයන් දුසිම් ගණනක් දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම සහ මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු කරන ලද ප්‍රකට බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයකු වසර 10 යි මාස පහක සිරගත කර ඇත. ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පිහිටි සත්ව විද්‍යාඥ ඇඩම් බ්‍රිටන්, උතුරු ප්‍රදේශයේ (NT) ශ්‍රේෂ්ඨාධිකරණයේදී තිරිසන්කම සහ සත්ව හිංසනය පිළිබඳ චෝදනා 56කට වරද පිළිගෙන තිබේ. ළමා අපචාර සම්බන්ධ චෝදනා හතරකටද ඔහු වරද පිළිගෙන තිබේ. 52 හැවිරිදි බ්‍රිටන්ට, සතුන් මිල දී ගැනීම සහ ඔහුගේ සන්තකයේ තබාගැනීම ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති බවද ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ප්‍රධාන අපරාධය වූයේ බල්ලන් 42 දෙනෙකුට වධහිංසා පැමිණවීම සහ සිය ඉඩමේ රඳවා ඇති කන්ටේනරයකදී ඉන් 39 දෙනකු මරාදැමීම වන අතර, ඔහු ඔහුගේ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටිනවා. සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බවයි පැවසෙන්නේ. එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, මේ පිළිබඳ විමර්ශනය කරන ලද පාර්ලිමේන්තු ක්‍රම හා විධි…

Read More

‘නුසුදුසු පරිසරයක්’ නිර්මාණය කළ බව කියන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක් ප්‍රංශයේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැර තිබේ. 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පැරගුවේ වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩිකාවක වන ලුවානා ඇලොන්සෝ ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්, නිදාගැනීම් සහ තරඟ කිරීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටියදී එකට කාලය ගතකළහ. මෙම පිහිනුම් ක්‍රීඩිකාව මීටර් 50, මීටර් 100 සහ මීටර් 200 සමනල ආර ඉසව්වල පැරගුවේ වාර්තා තබා ඇත. ඩේලි මේල් පුවත්පතට අනුව, ඔලිම්පික් බලධාරීන් පවසා ඇත්තේ, “ඇයගේ පැමිණීම පැරගුවේ කණ්ඩායම තුළ නුසුදුසු වාතාවරණයක් නිර්මාණය කර ඇත.” යනුවෙනි. සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැත. එහෙත් ඇගේ Instagram කතාවලට අනුව, 20 හැවිරිදි…

Read More

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

Read More

මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57ක මුදලක් එම ගිණුම් හරහා ගනුදෙනු කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම මත්කුඩු ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින කාන්තාවකගෙන් හෙරොයින් මත්කුඩු මෙරටදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම්වලට බැරවී ඇති බවට මෙතෙක් කළ…

Read More