- Weather advisory issued for heavy rainfall
- කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති නලින්දව අසරණ කළ ප්රශ්නය
- පළාත් පාලන මැතිවරණයේ සභිකයින් නම් කිරීම ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක්
- චෝදනා එල්ලවූ පාස්පෝට් කාර්යාලයේ සහකාර පාලකවරයා රිමාන්ඩ්
- ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය
- අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි
- මදුරු කීට සහිත ස්ථාන 1,470කට නීතිමය පියවර
- හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගනියි
Author: Buzzer Editorial
සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂවරයා ප්‍රකාශ කර සිටිනවා. සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බවයි පැවසෙන්නේ. එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, මේ පිළිබඳ විමර්ශනය කරන ලද පාර්ලිමේන්තු ක්‍රම හා විධි…
‘නුසුදුසු පරිසරයක්’ නිර්මාණය කළ බව කියන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක් ප්‍රංශයේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැර තිබේ. 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පැරගුවේ වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩිකාවක වන ලුවානා ඇලොන්සෝ ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්, නිදාගැනීම් සහ තරඟ කිරීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටියදී එකට කාලය ගතකළහ. මෙම පිහිනුම් ක්‍රීඩිකාව මීටර් 50, මීටර් 100 සහ මීටර් 200 සමනල ආර ඉසව්වල පැරගුවේ වාර්තා තබා ඇත. ඩේලි මේල් පුවත්පතට අනුව, ඔලිම්පික් බලධාරීන් පවසා ඇත්තේ, “ඇයගේ පැමිණීම පැරගුවේ කණ්ඩායම තුළ නුසුදුසු වාතාවරණයක් නිර්මාණය කර ඇත.” යනුවෙනි. සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැත. එහෙත් ඇගේ Instagram කතාවලට අනුව, 20 හැවිරිදි…
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57ක මුදලක් එම ගිණුම් හරහා ගනුදෙනු කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම මත්කුඩු ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින කාන්තාවකගෙන් හෙරොයින් මත්කුඩු මෙරටදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම්වලට බැරවී ඇති බවට මෙතෙක් කළ…
පයාගල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බව පොලිසිය පවසයි. රෝහල්ගත කර ඇති සිසුවා මිතුරකු සමග ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් තිබේ. එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වෙයි. ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹාගොස් යතුරුපැදිය නතර කර බැනවැදී තිබේ. ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා…
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්ද විදුහල අතර පැවැත්වූ 94 වැනි සුලෝහිත සංග්රාම මහ ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී පිටියේ දී පසුගිය මාර්තු 02 සහ 03 දෙදින පැවති අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. මහ ක්‍රිකට් තරඟයෙන් ලද ආදායමෙන් දෙවිදුහල්වල ක්‍රීඩා සංවර්ධන අරමුදලට අරමුදල් ලබාදීමත්, මහ ක්‍රිකට් තරඟයට අනුග්‍රාහකත්වය දැක්වූ සියලුම අනුග්‍රාහකයින් වෙත උපහාර පුදකිරීමත් වෙනුවෙනුත් සංවිධානය කළ ” Maroons Salutation” පසුගිය අගෝස්තු 06 වැනිදා බත්තරමුල්ල Waters Edge හෝටලයේ Eagles Ballroom හිදී පැවැත්විණ. සුලෝහිත සංග්රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ආනන්ද නාලන්ද දෙවිදුහල්වල ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 30ක් ලබාදීම ද සිදුවිණ. සුලෝහිත සංග්රාම ඉතිහාසයේ මෙවැනි මුදලක්…
දෙමළ ජාතික පොදු අපේක්ෂක අදහස දෙමළ ජාතිකත්වය දුර්වල කරන බැවින් එය ඉතා නරක එකක් බව දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි. සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය ‘X’ ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙය දෙමළ ප්‍රශ්න ගැන පණිවිඩයක් දීමට භාවිතා කළ හැකි මැතිවරණයක් නොවන බවයි. “මෙය ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ජනමත විචාරණයක් නොවේ,” යැයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත. මේ අතර, පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) විශ්වාස කරන්නේ දෙමළ පොදු ජනාධිපති අපේක්ෂකයකු යන්න අසාර්ථක අසාර්ථක උපක්‍රමයක් බවයි. ඉදිරි මැතිවරණවලදී දෙමළ පොදු අපේක්ෂකයා ලෙස අපේක්ෂකයෙකු ඉදිරිපතු කළහොත් එය ඉතා නරක තත්ත්වයකට මඟ…
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන්, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම්කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. ඔහු නම්කිරීම සඳහා සම්බන්ධ වී ඇත්තේ, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ජාතික විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ජාතික පක්ෂය (හිටපු එල්ටීටීඊ සටන්කාමීන් විසින් පිහිටුවන ලද) සහ තමිල් මක්කල් කූටනි ය. කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙම පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වන්නේ නැත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකක් ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සහ ආධාරකරුවන්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹි බව ඇය සඳහන් කරයි. වාර්තා සඳහන් කරන්නේ, පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව දන්වා ඇති බවය. එහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි. ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකර ඇතැයි දැනගන්නට ඇත.
මිනිසාගේ වඩාත් සුලභ සහ පැරණි සුරතල් සතෙක්වන බළලුන් සමරන දිනය අදට යෙදී තිබෙනවා. අතීතයේදී ඔවුන්ව ඊජිප්තුව වැනි රටවල දෙවිවරුන් ලෙස පවා සලකා නමස්කාර කර ඇති බව සඳහන්. බළලුන් ස්වාධීන, විමසිලිමත්, වික්‍රමාන්විත, පුදුමාකාර භෞතික විද්‍යාවක් සහ බලයක් ඇති සතුන් කොට්ටාසයක් ලෙස සැලකෙන අතර, ඔවුන්ට වැළඳෙන රෝග බොහෝමයක් තමන් විසින්ම සුව කර ගැනීමේ විශේෂ හැකියාවකින්ද යුතු වනවා. මාංශ භක්ෂක කුඩා ලොම් සහිත ක්ෂීරපායින්වන බළලුන් අප්‍රිකානු වල් බළලාගෙන් පැවත එන බව සඳහන්. මිනිසුන් පුරාණ කාලයේ සිටම සුරතල් සතුන් ලෙස හීලෑ කර ඇති ඔවුන් පණුවන් ඇල්ලීමට පුරුදු වී සිටි නිසා ඒ වෙනුවෙන්ම ඔවුන්ව භාවිත කර ඇති බවත් සඳහන්. බළලුන් පිළිබඳ පළමු ඓතිහාසික මානව වාර්තාව…