Author: Buzzer Editorial

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටිනවා. සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බවයි පැවසෙන්නේ. එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, මේ පිළිබඳ විමර්ශනය කරන ලද පාර්ලිමේන්තු ක්‍රම හා විධි…

Read More

‘නුසුදුසු පරිසරයක්’ නිර්මාණය කළ බව කියන ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක් ප්‍රංශයේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැර තිබේ. 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පැරගුවේ වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩිකාවක වන ලුවානා ඇලොන්සෝ ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්, නිදාගැනීම් සහ තරඟ කිරීමට ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටියදී එකට කාලය ගතකළහ. මෙම පිහිනුම් ක්‍රීඩිකාව මීටර් 50, මීටර් 100 සහ මීටර් 200 සමනල ආර ඉසව්වල පැරගුවේ වාර්තා තබා ඇත. ඩේලි මේල් පුවත්පතට අනුව, ඔලිම්පික් බලධාරීන් පවසා ඇත්තේ, “ඇයගේ පැමිණීම පැරගුවේ කණ්ඩායම තුළ නුසුදුසු වාතාවරණයක් නිර්මාණය කර ඇත.” යනුවෙනි. සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැත. එහෙත් ඇගේ Instagram කතාවලට අනුව, 20 හැවිරිදි…

Read More

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

Read More

මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57ක මුදලක් එම ගිණුම් හරහා ගනුදෙනු කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම මත්කුඩු ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින කාන්තාවකගෙන් හෙරොයින් මත්කුඩු මෙරටදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම්වලට බැරවී ඇති බවට මෙතෙක් කළ…

Read More

පයාගල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බව පොලිසිය පවසයි. රෝහල්ගත කර ඇති සිසුවා මිතුරකු සමග ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් තිබේ. එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වෙයි. ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹාගොස් යතුරුපැදිය නතර කර බැනවැදී තිබේ. ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා…

Read More

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්ද විදුහල අතර පැවැත්වූ 94 වැනි සුලෝහිත සංග්‍රාම මහ ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී පිටියේ දී පසුගිය මාර්තු 02 සහ 03 දෙදින පැවති අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. මහ ක්‍රිකට් තරඟයෙන් ලද ආදායමෙන් දෙවිදුහල්වල ක්‍රීඩා සංවර්ධන අරමුදලට අරමුදල් ලබාදීමත්‍, මහ ක්‍රිකට් තරඟයට අනුග්‍රාහකත්වය දැක්වූ සියලුම අනුග්‍රාහකයින් වෙත උපහාර පුදකිරීමත් වෙනුවෙනුත් සංවිධානය කළ ” Maroons Salutation” පසුගිය අගෝස්තු 06 වැනිදා බත්තරමුල්ල Waters Edge හෝටලයේ Eagles Ballroom හිදී පැවැත්විණ. සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ආනන්ද නාලන්ද දෙවිදුහල්වල ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 30ක් ලබාදීම ද සිදුවිණ. සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ මෙවැනි මුදලක්…

Read More

දෙමළ ජාතික පොදු අපේක්ෂක අදහස දෙමළ ජාතිකත්වය දුර්වල කරන බැවින් එය ඉතා නරක එකක් බව දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි. සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය ‘X’ ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙය දෙමළ ප්‍රශ්න ගැන පණිවිඩයක් දීමට භාවිතා කළ හැකි මැතිවරණයක් නොවන බවයි. “මෙය ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ජනමත විචාරණයක් නොවේ,” යැයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත. මේ අතර, පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) විශ්වාස කරන්නේ දෙමළ පොදු ජනාධිපති අපේක්ෂකයකු යන්න අසාර්ථක අසාර්ථක උපක්‍රමයක් බවයි. ඉදිරි මැතිවරණවලදී දෙමළ පොදු අපේක්ෂකයා ලෙස අපේක්ෂකයෙකු ඉදිරිපතු ක⁣ළහොත් එය ඉතා නරක තත්ත්වයකට මඟ…

Read More

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන්, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම්කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. ඔහු නම්කිරීම සඳහා සම්බන්ධ වී ඇත්තේ, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ජාතික විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ජාතික පක්ෂය (හිටපු එල්ටීටීඊ සටන්කාමීන් විසින් පිහිටුවන ලද) සහ තමිල් මක්කල් කූටනි ය. කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙම පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වන්නේ නැත.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකක් ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ සහ ආධාරකරුවන්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹි බව ඇය සඳහන් කරයි. වාර්තා සඳහන් කරන්නේ, පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව දන්වා ඇති බවය. එහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි. ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකර ඇතැයි දැනගන්නට ඇත.

Read More