Author: Buzzer Editorial
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ. සංග්‍රහය යටතේ පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ජයවික්‍රමට චෝදනා එල්ල වී ඇත. 2.4.4 වගන්තිය – අනාගත අන්තර්ජාතික තරඟවලදී පාවාදීම් සිදුකිරීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම, 2.4.4 වගන්තිය – 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා දූෂිතයකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු සම්බන්ධ කර ගැනීමට ඔහුට ලැබුණු ප්‍රවේශයක් පිළිබඳ විස්තර අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ මර්දන ඒකකයට වාර්තා කිරීමට අපොහොසත් වීම. 2.4.7 වගන්තිය – දූෂිත හැසිරීම්වල නියැලීමට ප්‍රවේශයන් සහ යෝජනා ඉදිරිපත් කරන ලද…
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ස්වාධීනව ඉදිරිපත්ව සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙට (අගෝස්තු 9 සිකුරාදා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තම දේශපාලන අනාගතය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරන බවයි. ඉන්දීය සංචාරයකින් පසු ෆොන්සේකා දිවයිනට පැමිණ ඇති අතර එහිදී ඔහු ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ද හමුවී තිබිණි.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය පැනවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගොනුකළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළහ. විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි. 2013 වසරේ දොම්පේ ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දඩුවම…
මැතිවරණ කොමිෂන් සභාව විසින් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන් සඳහා පැවරිය යුතු සංකේත ලැයිස්තුව සංශෝධනය කර ඇති අතර, එය ලැජ්ජාවට පත් කළ හැකි සහ ආගමික සංවේදීතාවන්ට බාධාවක් විය හැකි සලකුණු ඉවත් කර ඇති බව නිලධාරියෙක් පැවසීය. ලියාපදිංචි දේශපාලන පක්ෂවල සංකේත ඔවුන්ගේ අපේක්ෂකයන් විසින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීමට අදහස් කෙරේ. කොමිෂන් සභාව විසින් තීරණය කර ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇති ලැයිස්තුවේ ඇති සංකේත ස්වාධීන අපේක්ෂකයන්ට ඔවුන්ගේ මනාපයන් මත පවරනු ලැබේ. එම ලැයිස්තුවෙන් ඌරා සහ බල්ලා වැනි සංකේත ඉවත් කර ඇති බව කොමිසමේ ඉහළ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත. “මේවා අපේක්ෂකයන් අපහසුතාවයට පත්කළ හැකි සංකේත. එසේම ඒවායින් සමහර ප්‍රජාවන්ගේ ආගමික සංවේදීතාවන් රිදවිය…
සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොටුගොඩ පොලිස් මුරපොළ අසළදී පරීක්ෂා කළ අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට උත්සහ දැරීමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි. මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ, පූගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ. මෝටර් රථයේ ගමන් ගත් අනික් පුද්ගලයින් තිදෙනා…