Author: Buzzer Editorial

2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා. පෙරේදා (08) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ වැඩසටහනට එක්වන පිරිසට මන්ත්‍රී අසංක නවරත්න මහතාද එක්වන බව පවසා තිබුණ ද අවසන් මොහොතේ දී පවා මන්ත්‍රීවරයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කිසිවෙකුත් ඊට එක්ව සිටියේ නැති බව වාර්තා වනවා. පසුව මාධ්‍ය කළ විමසුමක දී ඔහු සඳහන් කර තිබුණේ ඔවුන් එම වැඩසටහනට එක්වන බවක් නොපැවසූ බවයි.

Read More

පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Voepass ගුවන් සේවය මුලින් යානයේ 62 දෙනෙකු සිටි බව වාර්තා කළ නමුත් පසුව එම සංඛ්‍යාව 61 දක්වා සංශෝධනය කරන ලද අතර යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Voepass Linhas Aéreas ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ATR-72 ගුවන් යානය, Parana ප්‍රාන්තයේ Cascavel සිට Sao Paulo Guarulhos දක්වා ගමන්

Read More

විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

Read More

2024 අප්‍රේල් 07 වැනි දින පළවූ ලිපියක් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තීරණය කර ඇත. එම ලිපිය හරහා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බව පවසමින් ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී කථානායකවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම කමිටුව තමන් ගන්නා ක්‍රියාමාර්ගය සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැයි විමසූ බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ නියෝජිතයන් ද දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කර තිබේ.

Read More

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනා, තමන්ට මෙම තීන්දුව ලැබෙන බව දැන් දැනම රට වෙනුවෙන් ඉදිරිපත්ව ජනාධිපතිවරයා සමග කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. අද මෙම ඇමැතිවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වීමේ අවකාශය සලසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. ‘ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දුන්නේ රටේ නීතිය සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුවයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනාම රටේ ඉතා තීරණාත්මක මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම සහයෝගය ලබාදුන්හ. ඔවුන් දෙදෙනාම තම දේශපාලන ජීවිතයට මග පෑදුවේ අවශ්‍ය මොහොතේ මේ ප්‍රතිඵලය දැනගෙනය. ආර්ථිකයත් රටත්…

Read More

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම නිවේදනය කර තිබෙනවා. මුලින්ම මෙම නැව් සේවාව ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ‘චෙරියපානී’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදුවිය.පසුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවැනි අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් එය අසාර්ථක වූයේ තාක්ෂණික දෝෂ කීපයක් නිසාවෙනි. ලබන සතියේදී මෙම නැව් සේවාව ආරම්භ වීමත් සමගම එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 කි. එක්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි පැවසෙයි.

Read More

අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත. සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.

Read More

සුනඛයන් දුසිම් ගණනක් දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම සහ මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු කරන ලද ප්‍රකට බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයකු වසර 10 යි මාස පහක සිරගත කර ඇත. ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පිහිටි සත්ව විද්‍යාඥ ඇඩම් බ්‍රිටන්, උතුරු ප්‍රදේශයේ (NT) ශ්‍රේෂ්ඨාධිකරණයේදී තිරිසන්කම සහ සත්ව හිංසනය පිළිබඳ චෝදනා 56කට වරද පිළිගෙන තිබේ. ළමා අපචාර සම්බන්ධ චෝදනා හතරකටද ඔහු වරද පිළිගෙන තිබේ. 52 හැවිරිදි බ්‍රිටන්ට, සතුන් මිල දී ගැනීම සහ ඔහුගේ සන්තකයේ තබාගැනීම ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති බවද ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ප්‍රධාන අපරාධය වූයේ බල්ලන් 42 දෙනෙකුට වධහිංසා පැමිණවීම සහ සිය ඉඩමේ රඳවා ඇති කන්ටේනරයකදී ඉන් 39 දෙනකු මරාදැමීම වන අතර, ඔහු ඔහුගේ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More