- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ්ලට් පරිගනක සහ විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සිදුකිරීම ඉතාමත් කාලෝචිතයි. වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික දියුණුව, අධ්‍යාත්මික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අභියෝගයක්. නමුත් මෙම වැඩසටහනෙන් පැහැදිලි වෙනවා තාක්ෂණය සහ නවෝත්පාදන,…
ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගම සඳහන් කළේය. පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව ජාතික ලුණු…
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකර ඇත. කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධිප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ…
පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසාවෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
රුපියල් කෝටි 7කට අධික වීථි වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (21) පස්වරුවේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර අඹුසැමි යුවළක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඇති අතර පසුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත ගොස් එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. පසුව මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වන “රක්ත මාවත” ( Red Channel) ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත්කළ…
මේ වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම හෙට(22) ආරම්භ වේ. ලබන මස 5 වැනිදා දක්වා පළාත් මට්ටමින් මහජන අදහස් ලබා ගැනීමට නියමිතයි. හෙට(22) දිනයේදී සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට සැලසුම් කර තිබේ. 076 3224610 අංකයට ඇමතුමක් ලබා දිමෙන්, සබරගමුව පළාතේ මහජන අදහස් විමසීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ය.
රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය. නව රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තිය යටතේ නව කාඩ්පත හඳුන්වාදීම සිදුවෙයි.
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි. යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම නිළධාරීන්ට වෙඩිතබා තිබේ. එම අවස්ථාවේ සිව්දෙනෙකු සිට ඇති අතර දෙදෙනෙකුට වෙඩි වැදී ඇත. පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ. එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි. දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග…