Author: Buzzer Editorial

ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකුත් 08.02 දින නිකුත් කළ නියෝගයක් අනුව ශ්‍රී ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි . එහෙත් රජය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා (…

Read More

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක්, පාසලක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇතැයි රජය පවසයි. ඒ අනුව අදාල ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත. ආසන්න වශයෙන් රෝහල සඳහා ඩොලර් මිලියන 100ක් ද, පාසල සඳහා ඩොලර් මිලියන 25ක් ද…

Read More

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 කොටසේ 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැකේජ 19කට බෙදා ඇති අතර, ඉන් 1A සිට 1Q දක්වා වන පැකේජ 17ක් දැනටත් ප්‍රදානය කරනු ලැබ ඇතැයි රජය පවසයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන ‌කමිටුවේ නිර්දේශ මත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා සුදුසුකම් ලත් දේශීය ඉදිකිරීම් ආයතන ‌වෙතින් තරඟකාරී පදනම මත ලංසු කැඳවා තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්වූ අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත…

Read More

ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්නේය .

Read More

ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මසක්ගේ Starlink සමාගම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍රයක් නිකුත් කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ Starlink Lanka (Private) Limited වෙත ශ්‍රී ලංකාවේ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක වේ.

Read More

අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සිදුකිරීමට නියමිතය. ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළා. එදින එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ මෙලෙසින්,

Read More

යුධ හමුදා බුද්ධි අංශය විසින් දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස ලබාදුන් බුද්ධි තොරතුරු මත මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් ලක්‍ෂ 420 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156.4 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය අරියාලේ ප්‍රදේශයේදී 2024 අගෝස්තු මස 12 වන දින අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 39 සහ 44 යන වයස් වල පසුවේ. අත්අඩංගුවට සැකකරැවන් දෙදෙනා සහ භාණ්ඩ යාපනය පොලිසිය වෙත බාරදෙනු ලැබූ අතර යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් 2024 අගෝස්තු මස 12 වන දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුධ හමුදා භඨපිරිස් පාබල හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර වෙල⁣ගෙදර‍, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම‍, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දිය…

Read More

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සාමාජිකයකු වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙනවා. අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිදුකරන විශේෂ ආගමික වතාවත් වලින් පසුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වීමට නියමිතව තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

Read More

රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිවපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. යහපාලන ආණ්ඩුව සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් මන්ත්‍රීවරයා එලෙස නඩු පවරා ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා ය. 2015 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා තමා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව…

Read More