Author: Buzzer Editorial

සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂම විසින් ලබා දී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මෙලෙස නිකුත් කර ඇත. මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Read More

ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා වරදකරු බවට පත්වී තිබේ. ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කල නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇති බවට වාර්තා වෙයි.

Read More

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළ හිමාලි අරුණතිලක එරට ශ්‍රමික නීති කඩ කිරීමේ වරදට ඕස්ට්‍රේලියානු ඩොලර් 543,000ක් ගෙවීමට නියම කර තිබේ. ඇයගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවට 2015 වසරේ සිට 2018 වසර දක්වා උදේ 6 සිට රාත්‍රි 10 දක්වා දවස් 7ම වැඩ කිරීමට නියම වී ඇති අතර ඇයගේ අත පිළිස්සීම නිසා දින 2ක් පමණක් නිවාඩු ලබාදී ඇත. ඇයට පැයකට සත 75ක පමණ පඩියක් ගෙවා ඇති බව ද හෙළිවී ඇත. ඒ අනුව නොගෙවූ පඩි මුදල් ලෙස ඉහත දඩ මුදල ගෙවීමට ඕස්ට්‍රේලියානු අධිකරණය නියෝග කර තිබේ. සේවක විදේශ ගමන් බලපත්‍රයක් රාජසන්තක කර, වසර තුනකට එම සේවිකාවට දින දෙකක නිවාඩුවක් ලබාදීමේ සිද්ධිය…

Read More

හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබෙනවා. ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරයි. එහිදී උප ජනාධිපතිනි ෆ්‍රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට සහ මේගන්ට ඇගේ නිල නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරැති බව සඳහන්. කෙසේ නමුත් මෙම සංචාරය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති සෙයකි. ඒ, සංචාරයට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න තහවුරු නොකිරීම නිසාවෙන් බව සඳහන්. ඊට ප්‍රතිචාර දක්වමින් ෆ්‍රැන්සියා මාකේස් සඳහන් කර තිබුණේ එම සංචාරය සයිබර් හිරිහැර කිරීම, මාර්ගගත ඩිජිටල් ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීමට එරෙහිව සහ කොලොම්බියාවේ කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “ඉතා විශේෂ සංචාරයක්” වන බවයි.

Read More

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ‘එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි. ‘එම් පොක්ස්’ වයිරසය මේ වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ අප්‍රිකා රටවලිනි. ‘එම් පොක්ස්’ නිජ බිම ලෙස සැලකෙන්නේ ද අප්‍රිකා කලාපයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට මේවනවිට අප්‍රිකා රටවල බහුලව පැතිර යන්නේත්, ගෝලීය තර්ජනයක් පෙන්නුම් කර ඇත්තේත්, ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

Read More

හැම පක්ෂයක්ම තම ලකුණ ​එම පක්සයේ දේශපාලන හැසිරීමේ කැඩපතකි. එජාපයේ නිල ලකුණ දළකුඩා ඇතෙකි. ඒ උණාට එයාලා හැමදාම තරඟ වැදු​නේ ඒකට ‘අලියා ලකුණ’ කියා​ගෙනය. ඇත්තටම බැලුවොත් ඒ පක්ෂය ඇත්තුන්ගේය. නමුත් චන්දය අලින්ගේය. ඇතා යනු අලි ගැන්සිවල ගාම්භීර වලව් පුතාය. අලියා එහෙම නැත. ඌ නිකං අපි වගේම උලාකන එකෙකි. කරඬුව කවදාවත් අලියෙක් ගෙනියන්නේ නැතිවා මෙන්ම ඇත්තු කොට අදින්නේත් නැත. ඉතිං සාමාන්‍ය මිනිහා නම් ගොං අලින් දක්කා ඇත්තටම චන්දය ගත්තේ යූ ඇන්පියේ ඇතුලේ උන්නු ඇත්තුය. ගේම ගැහුවේත් සැප ගත්තේත් අලි නොවේ ඇත්තුය…. දන්නෝ දනිති… චන්ද්‍රිකාගේ තාත්තාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ලකුණ අතය. ඒ පක්සේ දිගටම තිබුණේ එයාලගේ ‘අතේය’. බණ්ඩාරනායකගෙන් සිරිමාවෝගේ අතටත්, සිරිමාවෝගෙන් අනුරගේ…

Read More

2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගෙන තිබුණි.ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ. 01. දිලිත් සුසන්ත ජයවීර 02. සරත් මනමේන්ද්‍ර03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්04. එස්. පී. ලියනගේ 05. පානි විජේසිරිවර්ධන06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම07. අජන්ත ද සොයිසා08. බත්තරමුල්ලේ සීරලතන හිමි09. සරත් ෆොන්සේකා මහතා10. නුවන් සංජීව බෝපගේ11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්12. ජනක ප්‍රියන්ත රත්නායක 13. කේ.කේ පියදාස14. මයිල වාගනම් තිලකරාජා15 සිරිපාල අමරසිංහ16. පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්17.සරත් කීර්තිරත්න 18. කේ. ආනන්ද කුලරත්න19.…

Read More

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තවදුරටත් නම් කිරීමට කැනඩාව ගත් තීරණය සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළකර තිබේ. විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, ලෝක දෙමළ ව්‍යාපාරය සමඟ එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධාන ලෙස තවදුරටත් නම් කිරීමට කැනඩා රජය ගත් තීරණය ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගනී. මෑත සමාලෝචනයකට අනුව එල්ටීටීඊයේ සෙවනැළි තවමත් පවතින අන්තර්ජාතික අරමුදල් රැස්කිරීමේ සහ ප්‍රසම්පාදන ජාලයක් ඇති බව කැනඩාව තහවුරු කරයි. ඔවුන් වෙනුවෙන් අරමුදල් රැස්කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මෙම කණ්ඩායම අඛණ්ඩව පහසුකම් සපයන කාර්යභාරයක් ඉටු කරන බව එම සමාලෝචනයේ සටහන් වේ. දැඩි සමාලෝචන ක්‍රියාවලියකින් පසුව ගන්නා ලද මෙම තීරණය මෙම සංවිධාන විසින් එල්ල කරන…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනාගෙන් තිදෙනකු මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට එක්ව ඇත. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස, ජාතික ලැයිස්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් සහ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති ජගත් ප්‍රියංකර එසේ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූ මන්ත්‍රීවරු ය. විමල් වීරවංශ මන්ත්‍රිවරයා එක්ව සිටින සර්ව ජනබලය සංවිධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයාට සහාය ලබාදීමට විමල් වීරවංශ මන්ත්‍රිවරයාට අමතරව තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක් ඉතිරිව ඇත. ඒ කළුතර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජයන්ත සමරවීර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රිවරුන් දෙදෙනාය.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ සමාරම්භය සනිටුහන් කරමින් දෙරටේ භට පිරිස් වල සහභාගීත්වයෙන් සමාරම්භක පෙළපාලිය අද (14) දින මාදුරුඔය යුද පුහුණු පාසලේදි පැවැත්විය. 59 වන සේනාංකයේ සේනාංකාධිපති හා මෙවර මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යෂක මේජර් ජෙනරල් දිනේශ් උඩුගම මෙම සම්මාන පෙලපාලියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වු අතර පෙලපාලිය අනතුරැව මෙම යුධ අභ්‍යාසය ආරම්භ කිරීමේ නිල ප්‍රකාශයද නිවේදනය කිරිම හා මෙම අභ්‍යාසයට සහභාගි වි සිටින ඉන්දිය සහ ශ්‍රි ලංකා භට පිරිස් ඇමතීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදුකරන ලදී. සමාරම්භක පෙළපාලිය සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් රොෂාන් වීරක්කොඩි අණ දුන් අතර දෙරට නියෝජනය කරමින් මේජර් රුවන් කරුනාතිලක…

Read More