Author: Buzzer Editorial

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී පවා සභාගත කර ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය. මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද?, එහි සත්‍ය හෙළිකර ගත්තාද යන්න බවත් නිසා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුකර කාදිනල් හිමි…

Read More

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත. හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට සිදුවිය. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුවන භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් අගෝස්තු 09 දින සිය Facebook ගිණුමේ සටහනක් යොදා තිබූ අතර පහත දැක්වෙන්නේ එම Facebook සටහනයි

Read More

සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් මහත්මිය අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඇය තවත් ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම සංචාරයේදී ඇය සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වාභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත අංශය වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ආර්ථිකය යන ,මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. එසේම අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද සිට එළැඹෙන 21වනදා දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත…

Read More

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඔවුන් මෙරට පැමිණ සිටින්නේ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවය. යුරෝපා සංගමය මීට පෙර හය වතාවක් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සිදු කර ඇති අතර අවසන් වරට 2019 ජනාධිපතිවරණයේදී ඔවුන් නිරීක්ෂණ කටයුතු සඳහා එක්වී තිබිණි. එම නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ “මේ වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වීම මගින් අප පෙන්නුම් කරන්නේ රට තුළ විශ්වසනීය, විනිවිද පෙනෙන, සියල්ලන් ඇතුළත් සහ සාමකාමී මැතිවරණයකට සහාය දැක්වීම සඳහා අපගේ දිගුකාලීන කැපවීමයි” යනුවෙනි. 2022 වසරේ ඇති වූ…

Read More

2003 වසරේ අගෝස්තු 19 වන දින, ඉරාකයේ බැග්ඩෑඩ් හි කැනල් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඉරාකයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සර්ජියෝ වියේරා ඩි මෙලෝ ඇතුළු මානුෂීය ආධාර සේවකයින් 22 දෙනෙකු මිය ගියා. ඉන් වසර පහකට පසු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අගෝස්තු 19 දින ලෝක මානුෂීය දිනය (WHD) ලෙස නම් කිරීමේ යෝජනාවක් සම්මත කරනු ලැබුවා. සෑම වසරකම, ලෝක මානුෂීය දිනය විශේෂ තේමාවක් කෙරෙහි අවධානය යොමු කරන අතර මේ වසරේ එහි තේමාව වන්නේ #ActForHumanity හෙවත් මානුෂීයත්වය සඳහා ක්‍රියා කරමු යන්නයි.

Read More

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කර තිබේ. ඊට අමතරව ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Read More

තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති ජන රැළියකදී “අනුර මේකට උත්තර දියාපියෝ” යනුවෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක, “මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ (සිනහවකින්). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ. මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා…

Read More

තමා ලබන මාසයේදී ජනාධිපති ධුරයට පත් වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රතිඥාවක් දුන්නේය. ඔහු මෙම ප්‍රතිඥාව දුන්නේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. ඔහු එහිදී සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී ඇතත් එය කිසිවිටෙකත් ඉටු නොකළ බවයි. තමන් එය සිදු කර ව්‍යවස්ථාදායකය පදනම් කරගත් ක්‍රමයක් හඳුන්වා දෙන බව ඔහු පැවසීය.

Read More

නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.…

Read More

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයින්ගේ නම්, ඔවුන්ට පවරා ඇති සංකේත සහ ඔවුන් ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙල ඇතුළත් වේ.

Read More