- තාත්තාගේ අඩිපාරේ ගිය පුතත් අත්අඩංගුවට
- කුඩු සළිඳු රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි
- කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිළිසකර කිරීමට ජනපතිගෙන් උපදෙස්
- සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ලබාදීම අද සිට 23 දක්වා නවතී
- ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද දිවයිනට
- බලෝචිස්තානයේදී පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
- ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු යළි රිමාන්ඩ්
- දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
Author: Buzzer Editorial
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය. තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ කරූ පරණවිතාන මහතාය. ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 36.787 කි. කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.
සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි
පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව කී කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල කරථ ගාලකට මෝටර් රථයකින් පැමිණෙමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් නිලධාරීන් මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ අය බව වාර්තා වේ. 35 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්තාපල්වරයාට හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ල වී තිබේ.
‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ. ‘ස්ටාර් වෝර්ස්’, ‘හැරී පොටර්’ සහ ‘ජේම්ස් බොන්ඩ්’ නිෂ්පාදනවල චිත්‍රපට මතක සටහන් ද එම වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි. වෙන්දේසි ආයතනයට අනුව තොප්පිය සඳහා ලංසු 37ක් ඉදිරිපත් විය. එය දිනාගනු ලැබුවේ එම චිත්‍රපටයේ නිර්භීත පුරාවිද්‍යාඥ ආචාර්ය හෙන්රි වෝල්ටන් ඉන්ඩියානා ජෝන්ස් ජූනියර් ලෙස රඟපෑ හැරිසන් ෆෝඩ් විසිනි. 1984 දී තිරගත වූ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ඇකඩමි සම්මාන දෙකක් සඳහා නිර්දේශ වූ අතර ලොව පුරා උපයාගත් ආදායම ඩොලර් 333,107,271කි. මෙම චිත්‍රපටය 1935 දී ඉන්දියාව පසුබිම් කරගෙන නිර්මාණය කර තිබිණි. ඔස්කාර් සම්මානලාභී ‘Everything Everywhere All…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෙවිය යුතු රුපියල් මිලියන 100 ක වන්දි මුදල ගෙවා අවසන් කර තිබේ. අගෝස්තු 30 වැනිදා වන විට මෙම වන්දි මුදල ගෙවා අවසන් කරන ලෙස සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි. 2023 ජනවාරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, පූර්ව බුද්ධි අනතුරු ඇඟවීම් නොතකා ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිසේන සහ හිටපු රජයේ නිලධාරීන් කිහිපදෙනකු වගකිව යුතු බවයි. ඒ අනුව අධිකරණය සිරිසේනට නියෝග කළේ රු.මිලියන 100ක වන්දි මුදලක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවන ලෙසයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී…
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි. මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළේය. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුනි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය.2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණියය. ගාමිණි අතුකෝරලගේ අභවප්‍රාප්ත වු පසු ඇය දේශපාලනය පිවිසියේය. ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තා. ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වන බවය. 2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය…
දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටිජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගෙන නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මුලින්ම යෝජනා කළේ සබරගමු ආණ්ඩුකාරවර නවින් දිසානායක මහතා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (20දා) පැවසීය. ඒ මහතා මෙම අදහස් පලකළේජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති කරලිමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘පුළුවන් ශ්‍රි ලංකා‘ කෑගල්ලලේ පැවති ඒකාබද්ධ සමුළු රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පැවසුවේ පසුගිය කාල සීමාවේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය පැවැති ආකාරය ,අස්වැසුම ක්‍රමය තුළින් දිළිදුභාවය තුරන් කිරිමට සහය දුන් අයුරු ,උද්ධමනය පෙර පැවැති තත්ත්වය සහ දැන් තිබෙන්නවා වු තත්ත්වය පිළිබඳව ද රටේ පක්ෂ පාට…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…