Author: Buzzer Editorial

රටවල් 35 ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් ඊට ඇතුළත් ය. ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය. අදාළ යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ පසුව වීසා ගාස්තු ඉවත් කිරීමේ අදාළ තීරණය ක්‍රියාත්මක වනු ඇති. මීට පෙරද රටවල් 7ක් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කරනු ලැබුවේ ය.

Read More

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි. හදිසියේ අසනීපවීමෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර සිටියේය. ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව තිස් අටක් දක්වා පහළ යන්නේය.

Read More

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී ඇත. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ තලතා අතුකෝරල මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකිවී ඇති බවයි. අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය. තලතා අතු කෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා…

Read More

(සුමිත් පොතුපිටිය) බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි . අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන්කල බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බළප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් කීය. මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවට දැනගන්නට ලැබී ඇති බවත් රාත්‍රි නිසා අනන්‍යතාවය හදුනාගෙන නොමැති බවත් පොලිසිය කීය. බෙන්තර සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ළඟා වී තිබෙනවා. එය වේගයෙන්ම මිලියනයේ ග්‍රාහකයින් සංඛ්‍යාවක් පසු කළ යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UR.Cristiano නම් මෙම නාලිකාව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්. මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුනා.

Read More

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත. මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “ඒ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද “ඒ” ශ්‍රේණියෙන් පිදුම් ලබා ඇත. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ මහතා…

Read More

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අනුව මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය. ඉකුත් වසරේ මාර්තු 9 වැනි දින පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන්…

Read More

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත. සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා මෙතනින් පිවිසෙන්න.

Read More

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත්, ජනතාව කෙතරම් දැනුවත් කළද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බවත් මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානායක අවධාරණය කර සිටියේ, මෙවර ඇසළ පෙරහර සමය වර්ෂා කාල වකවානුවක පැවැති බැවින් ඉටිකොළ භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීමකින් යුතුව ඉටිකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි. පෙරහර මංගල්‍යයේ අලින්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය පමණක් ටොන් 200කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කොට ඇති බවත්, මේ වන විටත් එම අපද්‍රව්‍ය ඉවත් කරමින් තිබෙන බවද නාමල් දිසානායක…

Read More