Author: Buzzer Editorial

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් එළි දක්වා තිබේ. කණ්ඩායම් 10ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ A සහ B ලෙස කාණ්ඩ 2කිනි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග කෙරේ. B කාණ්ඩයට එක් වන්නේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් ය. තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන ගැටලු නිසා එක්සත් අරාබි එමීර් වෙත සත්කාරකත්වය පැවරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව තරගාවලිය පැවැත්වෙන්නේ ඩුබායි සහ සාජාහිදීය. තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග 10ක් ද පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 03 වැනිදා සිට 20 වැනිදා දක්වා…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේ ය. ඒ, ද්විත්ව පුරවැසිභාවය දැරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය එරෙහිව ඇති අධි චෝදනා විවෘත අධිකරණය හමුවේ භාර දීමෙන් අනතුරුව ය. රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. අධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය නිතීඥවරයෙකු සමග අධිකරණය හමුවේ අද පෙනී සිටියේය.

Read More

වාහනයක් අවභාවිත කිරීමේ වරද පිළිගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසි මහතාට කොළඹ මහාධිකරණය අද (27) වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය. සිර දඩුවම වසර 10කට අත්හිටුවීමට විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 4ක දඩ ගෙවීමට ද අධිකරණය නියෝග කළේ ය. නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමත්‍යාංශයේ මුදල් වලින් වැය කිරීම ඇතුළු අධි චෝදනා 04ක් යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ දඩුවම් නියම කෙරිණි. අල්ලස් කොමිසම විසින් නඩුව පවරා…

Read More

රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 16 වැනිදා සිට අදාළ පත්කිරීම සිදුකර ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය. රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා බණ්ඩාරවෙල, ශාන්ත තෝමස් විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. බානගොඩ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලැබුවේ ය.

Read More

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරින් අවශ්‍ය ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවයි. අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

Read More

යල කන්නයේ වී මිලදී ගැනීම අද(27) සිට ආරම්භ වෙයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි. අදියර වශයෙන් වී මිලදී ගැනීමට මුදල් නිකුත් කෙරෙන අතර, පළමු අදියර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 500 කි. ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය. යළ කන්නයේ කිරිසම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කට මිලදී ගැනීමට නියමිතයි. සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල්…

Read More

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද(27) දිනයේ ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම පවසයි. ඒ, විශේෂ තැපැල් මගින් ය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරීම සිදුවන බවයි. නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ඊයේ දිනයේ තැපෑලට භාරදෙනු ලැබුවේ ය. නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරිමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා. මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,319 කි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04 ,05 සහ…

Read More

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි. ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කළේ ය.

Read More

ඇෆ්ගනිසථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට, තලෙයිබාන් සංවිධානය නව නීතියක් පනවා තිබේ. තලෙයිබාන් අන්තර්වාර රජයේ අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ධ නගා කතා කිරීම හෝ ගායනා ඉදිරිපත් කිරීම ද තහනම් වන බවයි. නව නීතියට අනුව එරට කාන්තාවන්ට, විවාහ හෝ ලේ බැඳීමක් නොමැති පුරුෂයින් දෙස බැලීම තහනම්ය. තලෙයිබාන් පාලකයින් එලෙස නව නීති මාලාවක් පනවා ඇත්තේ, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නැයි ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන පසුබිමකදීයි. කාන්තාවන්ට පනවා ඇති නව නීති මාලාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ප්‍රබල බලපෑමක් එල්ල විය යුතු බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

Read More

වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට සැකකරුවෙකු හඳුනාගෙන ඇත. ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී. කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නැමති අදාළ සැකකරු අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරණ අයෙකි. ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති – 071 859 1181හෝ…

Read More