Author: Buzzer Editorial

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.මෙම පුද්ගලයින් දෙදෙනා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ගෙන් අයෙක් 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් ‘පොඩි බලයා’  සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් ‘බහිරවයා’නම් දෙදෙනාය.සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලීසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවය.ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී…

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිතව ඇත. එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින් දැක්වෙයි. ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු. කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම… සෑම ග‍්‍රාම…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට එංගලන්තයේ පිහිටි ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද (29) හිමිවුණා. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටේස්ට් තරගය ආරම්භයේදී එම අවස්ථාව මහේල ජයවර්ධනට හිමි වූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. ලෝඩ්ස් පිටියේදී එසේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමි කර ගත් 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙසට මහේල ජයවර්ධන ඉතිහාසගතවනවා. මීට පෙර, මාවන් අතපත්තු, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග , කුෂි ගුණසේකර සහ කුමාර් සංගක්කාර එම අවස්ථාව හිමි කරගෙන තිබෙනවා.

Read More

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහුනෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය. එමෙන්ම, ‘INS Mumbai’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත්…

Read More

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත ය. ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් ඊයේ (28) භාරදුනි. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එය මෙරට සිටිං ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා විසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාරදී තිබුණි. මෙම ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබීය. එහි කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ යූ සෝලා ක්ලීන් එනර්ජි සමාගම අතර 2024 මාර්තු 01 වනදා අත්සන් කෙරුණි. මෙම ව්‍යාපෘති…

Read More

මට අනුව නම් අනුර දිනිය යුතුය.මම 2019 දී ගෝඨාභය දිනිය යුතු බව කී අතර ඒකට හේතුව ලෙස සමස්ත සමාජයට ආවරණය කරගෙන පාලනයේ ඉන්න අය තිරය යට ගෙනියන සෙල්ලම මහා සමාජයට නිරාවරණය කළහැක්කේ ගෝඨාභය රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා වැනි දේශපාලන අත්දැකීම් නැති, වහන්නට නොදන්නා, සිවිල් සමාජයේ සර්වයිවල් එක වන අනිකා රැවටීමේ ටෙක්නික්ස් නොදන්නා නාසිස්ටික් උද්ධච්ච මිනිහෙකුට බවත් එවැනි පාලකයෙක් රටම ගිනිතියන බවත් ඒ ගින්නෙන් අළුත් රටක් උපදින බවත් මම 2019යේම කිව්වෙමි. මේවා කෙලවුණාට පස්සේ ගහන බයිලා නොවේය. https://www.facebook.com/share/p/wtaAcfin2YWxW3aa කී පරිදිම ඒක එහෙමම උණේය. ​ගෝඨාභය මහත්තයා නිසා අවුරුදු ගාණක් අපෙන් වහගෙන බැලන්ස් කරගෙන උන් ආර්ථික කෝලම මහජනතාවට නිරාවරණය උනේය. මුං මේ සහන…

Read More

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් අද පැවසීය. පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි. ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය. බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි. අර්බුදයක් මැද සිටින රටේ…

Read More

මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි . මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ . අද අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූණි . කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි…

Read More

එංගලන්තය සමග ලන්ඩන් නුවර සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29)ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ. එහිදී කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමින් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට පැතුම් නිශ්ශංක සහ ලහිරු කුමාර නම් කිරීමට කටයුතු කර ඇත. ඇගිල්ලේ අබාධයකට ලක්වීම මත පිතිකරුවකු ලෙස පමණක් දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර කඩුලු රැකීමේ වගකීම නිෂාන් මධුෂ්කට ලබාදී තිබේ. මෙම නම්කිරීමත් සමග, 2022 ජුලි මස ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පැතුම් නිශ්ශංකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසිමට අවස්ථාව හිමිව ඇත. දෙරට අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළේය.

Read More