Author: Buzzer Editorial

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබේ. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (26) කැඳවීමට නියමිතය.

Read More

පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙනි. පාකිස්තාන සහ ඉන්දියාව අතර මීට සති කිහිපයකට පෙර යුද ගැටුමක් ආරම්භ වූයේ ඉන්දු කාෂ්මීරයට අයත් පෙහෙල්ගාම් කලාපයේ සිදුවූ සාහසික ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවය. ඊට දින කිහිපයක පසුව පාකිස්තානයේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය හමුදාව පියවර ගත් අතර, පසුබට නොවූ පාකිස්තාන හමුදා ද ඊට දැඩි ප්‍රතිචාර දැක්විය. ගැටුමේදී දැක්වූ ධෛර්ය අගයමින් පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්, ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කිරීමට එරට රජය දින කිහිපයකට පෙර තීරණය කළේය. ඒ අනුව හමුදාපතිවරයා වෙත…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පවත්වා තිබේ. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළකර ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

Read More

මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය. මෙම රැස්වීමේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක එඩී යූ මහතා විසින් දරන ලදී. ඕස්ට්‍රේලියාව, බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල නියෝජිතයන් රැස්වීමට සහභාගී වූ අතර මූල්‍ය…

Read More

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබේ. මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් රුසියාවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරයි.

Read More

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතාගෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තමාට දැනුම් දුන් බවය. බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණි. මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ. කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණි. ඒ අනුව සිසුවිය සියදිවි හානිකර ගැනීමට…

Read More

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව ඇත. ‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළාය. අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලැබීය. 1963 වසරේ ‘නොරත රථ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බාබා‘ චිත්‍රපටයෙන් සිනමාවට…

Read More

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය. 2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ. විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතය. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතය. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ…

Read More

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධන තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බවය. ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සටහන පහතින්, 1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය…

Read More