- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට අත්පත්කර ගැනීමේ කිසිදු අරමුණක් නැහැ.
- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
Author: Buzzer Editorial
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති…
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කටයුතු කළේය. කෙසේ වෙතත්, වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය
පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසි කිරීම ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබමින් රිදී පදක්කම ජයග්‍රහණය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සමිත දුලාන් ඊයේ (10) පස්වරුවේ කටුණායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නජිව එදිරිසිංහ, අධ්‍යක්‍ෂ ක්‍රිඩා බ්‍රිගේඩියර් තුෂාර ප්‍රනාන්දු සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශාමල් සෙනරත් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් රැසක් කටුනායක ගුවන්තොටුපොල ප්‍රභූ පර්යන්තය වෙත පැමිණ සිටියහ. කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිනි සමිත දුලාන්…
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස ව්‍යාප්ත වී වීඩියෝවක දක්නට ලැබෙන ගුවන් හමුදා නිලධාරියකුගේ ආචාර දැක්වීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්මත පිළිවෙත්වලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ගෞරවයක් වශයෙන් පිරිනමන ලද්දක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී පීරිස් සමඟ ඇවිද යන ආකාරය දැක්වෙන අදාළ වීඩියෝවේදී පෙනී යන්නේ ගුවන් හමුදා නිලධාරියකු විසින් ‘Present Arms’ නමින් හඳුන්වන ආචාරය සිදු කරන ආකාරයයි. ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණේ එය ඇයට සිදුකළ ආචාරයක්ද යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්ප්‍රදායිකව සහ චාරිත්‍රානුකූල පිරිනමන ආචාරශීලීත්වය මන්ත්‍රීවරයාට මිස දර්ශනවල සිටින වෙනත් කිසිදු පුද්ගලයකුට නොවන බව ශ්‍රී ලංකා ගුවන්…
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 66 වන වියේ පසුවුණි. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය. සේනක බටගොඩ මහතා විසින් ගායනා කළ ගීත අතර අපි සැනසිල්ලේ, සැනසෙන්නම් මා, අනන්තයට යනවාමයි, අපි කවුරුද, හීනවලට පණක්, අළු යට ගිනි, සැනසුම, නිදි නැති රැය, එක මොහොතක සහ රස්තා ආදි ගීත රැසකි. දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගෙන සිටි, සේනක බටගොඩ මහතා, ගැයූ ගීත 7ක් ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා…
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය. ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේනම් ඒ පිළිබඳව ළඟම…
ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 5යි මාස 5ක කාලයක් රැකියාවල නිරතවීමට අවස්ථා හිමිවී ඇත. සැප්තැම්බර් මස 12 සහ 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයන් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය. ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියාලාභීන් තෝරාගනු ලබන්නේ ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් ලොතරැයි ක්‍රමවේදයට අනුවය. එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර මාතර සිට හම්බන්තොට හරහා…
ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි. ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. හිටපු ජනාධිපතිවරයකු වන ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයාය. වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවය. ජනාධිපතිවරණයට පෙර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි. අද (11) දින එම විවාදය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ ABC නාළිකාවය. ට්‍රම්ප් සහ කමලා හැරිස් දේශපාලන වේදිකාවක මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකාට පරිභව කරමින්, එකිනෙකා විවේචනය කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි. විවාදයේ දී කමලා හැරිස්…
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසීය. කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙකු මෙලෙස…