Author: Buzzer Editorial

ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ. දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි. සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය. කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය වේ. නබිතුමන්, ඉස්ලාම් දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්‍රියාවෙන් සහ පරිත්‍යාගයෙන් ලොවට පෙන්වා දෙනු ලැබූ සුවිශේෂී ශාස්තෘවරයෙකි. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව…

Read More

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවයි. නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව රයිෆලය ක් තිබූ බවයි. මේ අතර පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය. එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප් තුවාල සිදුවූ බවත් වාර්තා විය. වෙඩි…

Read More

ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි. වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවයි. එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය. මැතිවරණ…

Read More

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා, “ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්. විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ…

Read More

මීට වසර 109කට පෙර මෙරට සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබා දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමාව ප්‍රකාශයට පත්කර ඇත. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 වන කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාව නීති විරෝධී ලෙස මරණයට පත් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ…

Read More

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය. යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් ය. එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා…

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Read More

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට සමත්ව තිබේ. එම තරගයේ පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ තත්පර 40. 28කින් ඉසව්ව නිම කරමිනි. එමෙන්ම පිරිමි මීටර 400×4 සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද ඊයේ පැවැත්වුණු අතර එයින්ද රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයේ පළමු මීටර 400 අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූ අතර දෙවන හා තෙවන මිටර 400යේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරට කර සටනක් පැවැතුණි. අවසන් මීටර 400 දී යශ්ටිය භාරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා…

Read More

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි. වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ය. ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇති බව සඳහන් ය. කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා…

Read More

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌවපළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ ය. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

Read More