- නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට
- මාලනීගේ වියෝව ගැන ජනපති තැබූ සටහන
- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට අත්පත්කර ගැනීමේ කිසිදු අරමුණක් නැහැ.
- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
Author: Buzzer Editorial
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවය. කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය. ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය.
ජැක්සන් 5 පොප් සංගීත කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු සහ අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වන ටිටෝ ජැක්සන්, අභවප්‍රාප්ත වූ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 70 හැවිරිදි වියේ පසුවිය. මරණයට නිල හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර, ඔහු මියුනිච් හි පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සූදානමින් සිට ඇත. ලොවක් වසඟ කළ ටිටෝ ජැක්සන්ගේ සොහොයුරු මයිකල් ජැක්සන් 2009 දී මිය ගියේය. පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගේ වැඩිමහල් සොහොයුරෙකු වන ටිටෝ ජැක්සන් 1953 ඔක්තෝබර් 15 වන දින ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස උපත ලැබූ අතර ඇමරිකානු ගායකයෙක්, ගිටාර් වාදකයෙක් සහ සුප්‍රසිද්ධ ජැක්සන් පවුලේ සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය වූ පුද්ගලයෙකි.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. ‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත. ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන…
අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදී ඇති බව නාවලපිටියෙන් වාර්තා විය. අප වාර්තාකරු පැවසුවේ, සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවය. එම පුද්ගලයාට පහර දෙන අයුරු එම වෙළෙඳසැලේ සවි කරතිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි. නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇති අතර, මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණ ය. සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළ ට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇත. එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබුණි. පහර කැමෙන් පසු එම…
2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවය. එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මුලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ. නැවත ණය සේවාකරණය ආරම්භවූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට ද…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම හිමිව තිබේ.අගෝස්තු මස පිරිමි ක්‍රිකට් ක්‍රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි. දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව ඇත. අයර්ලන්තයේ ගේබි ලුවිස් සහ ඔරලා පෙන්ඩර්ගාස්ට් ඒ සදහා නිර්දේශ වූ අනෙක් ක්‍රීඩිකාවන් විය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ. අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවය. අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවය. සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ…
සූර්ය කිරණවල හානිකර කොටසෙන් පෘථිවිය ආරක්ෂා කරන වායු පලිහක් වන ඕසෝන් ස්ථරය පිළිබඳ සමරන ඕසෝන් දිනය අදට යෙදී ඇත. එමඟින් පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට උපකාරීවන නිසාම ඕසෝන් ස්ථරය රැක ගැනීම අප සියළු දෙනාගේ වගකීමකි . මෙවර ඕසෝන් දිනයේ තෙමාව වන්නේ, “දේශගුණික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම” යන්නයි. ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ ඒ ආශ්‍රිත අඩු කිරීම් පිළිබඳව කාගේත් අවධානය යොමු තිබීමත් අගය කළ යුතුය. ඒ මගින් අනාගත පරම්පරාව සඳහා ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට උපකාරීවනවා පමණක් නොව, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයන්ට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. පෘථිවියට ළඟා වන හානිකර පාරජම්බුල කිරණ සීමා කිරීමෙන්…
දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක දී ඊයේ (15) පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව වවිභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 323,879 කි.