Author: Buzzer Editorial

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්. නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.

Read More

The Department of Meteorology has issued an ‘Amber’ level advisory for heavy rains in the Western and Sabaragamuwa provinces and in Galle, Matara, Nuwara-Eliya, and Kandy districts, valid for the next 24 hours. The advisory stated that due to the active southwest monsoon, the prevailing rainy conditions are expected to continue in the southwestern parts of the island. Heavy rainfall above 100 mm is likely at some places in the Western and Sabaragamuwa provinces and in Galle, Matara, Nuwara-Eliya, and Kandy districts, the statement added.

Read More

අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානයට ලක්විය. එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රජය මින් පෙර මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත් මීට හේතුව කවරේද යන්නය ඒ සම්බන්ධව පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, “රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්නායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ… ඒ අනුව…

Read More

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඊට අදාළව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව යමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධව මේ වන විටත් එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවෙනවා. තවමත් පසුගිය කාලයේ තිබුණා වගේ අනතුරකට තාම තොරතුරු ලැබිලා නැහැ. නමුත් ගුවන්තොටුපොළේ සිටම ඒ කටයුතු සම්බන්ධව මැදිහත් වෙමින් පවතිනවා.” ශ්‍රී ලංකාවට ආසන්නම රට වූ…

Read More

ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ උත්සාහයක නිරතවන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඊයේ (26) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ මුස්ලිම් ප්‍රජාවගේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය දරන උත්සාහය ව්‍යර්ත කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවය. “අරුගම්බේවල අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා බිකිනි තහනම් වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද ප්‍රකාශනයක්. කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීයසභා නගරසභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් පළාත් පාලන ආයතනවල ජාතික…

Read More

මැයි 09 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 සකට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදි මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනා ගත් බව අමාත්‍යංශය සඳහන් කළේය. මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදි හඳුනාගෙන ඇති අතර මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම තවත් පරිශ්‍ර 1,470 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බව සෞඛය අමාත්‍යංශ සඳහන් කළේය. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය…

Read More

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි. මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පැවැත්වෙන අතර එහිදී පැමිණි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමද සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පසුවට කල් තැබුණි. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට…

Read More