Author: Buzzer Editorial

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් යොමුකරමින් දන්වා සිටී. ඒ අනුව එම මධ්‍යස්ථානවල ද කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. කෙසේ නමුත් ඡන්දය සලකුණු කිරීම සඳහා කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරන ලද කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටී. මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ . ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ . ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .

Read More

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8ත් 9ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 (හත්ලක්ෂ දොලොස්දාස් තුන්සිය දහ අටක්) බවද මෙහිදී පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා, ඉන්…

Read More

අද (21) දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද දහවල් 2 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි. කොළඹ – 60%ගම්පහ – 62%කළුතර – 60%මහනුවර – 65%මාතලේ – 68%නුවරඑළිය – 70%ගාල්ල – 61%මාතර – 64%හම්බන්තොට – 60%යාපනය – 50%කිලිනොච්චිය – 56%මුලතිව් – 57%වව්නියාව – 62%මන්නාරම – 60%රත්නපුර – 60%කෑගල්ල – 60%මඩකලපුව – 35%අම්පාර – 60%,ත්‍රිකුණාමලය – 55%කුරුණෑගල – 60%පුත්තලම – 57%අනුරාධපුර – 70%පොළොන්නරුව – 65%මොනරාගල – 65%බදුල්ල – 59%

Read More

දෙස් – විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ. ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු , ඒ අතරට ඇතුළත් ය. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් 78 දෙනෙකු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ඒ අතර වේ. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 9 කි. දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන්…

Read More

ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වී ඇත. මින් වැඩිම පැමිණිලි සංඛයාවක් වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 336කි. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 4929ක් මේ වන විට විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය. කළුතර – 32%නුවරඑළිය – 32%මුලතිව් – 25%වව්නියා – 30%රත්නපුරය – 20%කෑගල්ල – 15%අම්පාර – 30%මන්නාරම – 29%ගම්පහ – 25% අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සවස 4ට නිමා වීමට නියමිතය.

Read More

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කර තිබේ.

Read More

ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් පසුව ඊශ්‍රායල එල්ල කල දෙවන ප්‍රහාරය මෙය වේ.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත. ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22…

Read More