Author: Buzzer Editorial

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය. ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුව තිබුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස්පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියේය. තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය…

Read More

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි.මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි.මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා. මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්.අපගේ දේශපාලනය…

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

Read More

9වන විධායක ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දියුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දැන් පැවැත්වේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක්ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ලයිස්තුවේ ඊළගට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්වීමට නියමිතය. අවසන් මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු අතර මනාප ලැයිස්තුවේ අනුර කුමාර දිසානායක මහතාට පසුව මනාප ලබාගෙන සිටින්නේ නිපුණආරච්චි මහතාය.

Read More

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. තුවාලකරුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. බර්මින්හැම් නගරයේ ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවිය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත වෙඩි තබා පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරවලට ලක් වී මියගිය සිවු දෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත්, එයින් එක් පිරිමියකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ…

Read More

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ. පිපිරීම සිදුවූයේ දකුණු ඉරානයේ කොරසාන් පළාතේ තාබාස් ප්‍රදේශයේ පිහිටි ගල් අඟුරු පතලේය. මෙම ගල් අඟුරු පතල වර්ග කිලෝ මීටර් 30,000 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. මෙය ඉරානයේ විශාලතම ගල් අඟුරු පතල ද වෙයි. පිපිරීමට හේතුව මීතේන් ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී ඇත. පිපිරීම හටගත් අවස්ථාවේ පතලේ 69 දෙනකු සේවය කරමින් සිටි බව කොරසාන් පළාතේ ආණ්ඩුකාර ජාවඩ් ගෙන්නාට්ස්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. පිපිරීමෙන් පසු පතලේ කොටස් කීපයක් කඩා වැටීමකට ලක් විය.…

Read More

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා…

Read More

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ. එය පහත දැක්වේ.සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය. අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති…

Read More