Author: Buzzer Editorial

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළාය. “දැන් වැඩ භාර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩට බහින්න තමයි තියෙන්නේ. අද බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හරියි. මං ඊට කලින් වැඩභාරගන්න යන්න ඕන. ජනතාවට බොහොම ස්තූතියි අපි මත තබා තිබෙන විශ්වාසයට. ඒක එලෙසම අපි ආරක්ෂා කරනවා.”

Read More

2024 ජුලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී තිබේ. එමෙන්ම, 2024 ජුලි මාසයේදී 2.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තරග කළේ නම් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබූ බවට පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රතිචාර දැක්වීය. එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, “අංක ගණිතය පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් පැහැදිලියි.. ඒක සත්‍යයක් යථාර්තයක් නෙමෙයි කියලා.” “අපි සමගි ජන සන්ධානය ලෙස ඉදිරියට යනවා. ඒ සමග ජනතාව පිළිගන්න පුද්ගලයන්ට අත්වැල් බැඳගැනීමට පුළුවන්.” “අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න…මගේ නායකත්වයෙන්.”

Read More

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492 දෙනෙකු මියගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) දිනය බවය. හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය. මේ අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මඟින් විනාශකර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් වනාන්තර වියළි ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි. මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන බවය.

Read More

ජනාධිපති ධුරයේ වගකීම් භාරගැනීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) දවටගහ පල්ලියට ගොස් එම ආගමික නායකයින් ඇතුළු ප්‍රජාව හමු වී තිබුණි.

Read More

අභිනවයෙන් තේරී පත් වූ වාමාංශික ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹදී දිවුරුම් දීමත් සමඟ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපාලයට ගොස් තිබේ. නේපාලයේ khabarhub පුවත් සේවය මේ බව හෙළිකර ඇත. එම වාර්තාවේ මෙසේ සඳහන් කර තිබේ. 2019 මැතිවරණයේදී සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබාගත් අනුර දිසානායකට මේ වන විට බහුතර බලයක් ලැබී තිබේ. මේ අතර, වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පළාගිය රාජපක්ෂ භූතානයේ අගනුවර වන තිම්පු හරහා කත්මණ්ඩු නුවරට පැමිණියේය. කත්මණ්ඩු නුවරදී රාජපක්ෂට සත්කාර කරන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රි විසිනි. ඔහු සඳුදා උදෑසන ගොඩබෑමෙන් පසු ජම්සිඛෙල් හි මිවන්ත හෝටලයේ නැවතී සිටී. 75 හැවිරිදි රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පැමිණියේ KB 400…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම…

Read More