- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ අද (28) මධ්‍ය රාත්‍රීයේ සිට එම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය (SriLankan Engineering) , තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් (Approved Maintenance Organization) ලෙස සහතික කර ඇත. මෙම සුවිශේෂී සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන් යානා ක්‍රියාකරුවන්ට සහ ගෝලීය ගුවන් යානා බදු දෙන්නන්ට අවම පිරිවැයකින් ගුණාත්මක නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වෙතින් සෘජුවම ලබා ගැනීමට හැකිය. මෙම අනුමැතිය යටතේ, ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට එයාර්බස් (Airbus) A320 මාදිලියේ ගුවන් යානා සඳහා මූලික නඩත්තු සහ පරීක්ෂාවන් (base maintenance and heavy checks) සහ…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අද (28) පස්වරු 12.30 සිට හෙට (29) පස්වරු 12.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට…
කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ. පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීමට පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බවද ඔවුන් පෙන්වාදෙයි. සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්විය. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරුන් සිය සංවිධායක තනතුරින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම…
“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
කුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවිය. තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වීය. තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගත්තේය. එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කළේය. ඊයේ (27) ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ. 1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 1975 සහ 2005 වර්ෂන්හිදී ඔවුන් සත්කාරකත්වය ලබාදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම් සැප්තැම්බර් මස 8වනදා කැඳවන ලෙසය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව නවයක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. පෙත්සම්කරවන්…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද ඔවුන් සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. ලක්නව්හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 230ක් රැස්කර ජයග්‍රාහී කඩඉම පසුකර ගියේය. මේ සමග මූලික වටයේ සියලුම තරග අවසන් වූ අතර, බැංගලෝරු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළම පැමණියේය. ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කරන පංජාබ් – බැංගලෝරු…
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙයි. මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවු ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද (28) සවස 2.00 සිට 30 වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය. ජලනල පද්ධතියේ…