- යුද හමුදාවෙන් අනුරාධපුරදී බහුවිධ සායනයක්
- ආර්ථිකය 2018 මට්ටමට එන්න තව අවුරුදු දෙක තුනක්වත් යාවි – මහ බැංකු සහකාර අධිපති
- වසාදැමුණු NEXT ඇඟලුම්හලේ අලුත්ම තත්ත්වය
- ට්‍රම්ප් ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි
- තැපැල් සේවකයින් දැඩි තීරණයක් ගනී
- ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය තායි ගුවන් සමාගම් සඳහා සේවා සැපයීමට CAAT සහතිකය හිමිකර ගනී
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් දැඩි තීන්දුවක්
Author: Buzzer Editorial
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇත. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ. සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා…
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2024 ඔක්තෝබර් මස 03 වන දින කොළඹ හෙට්ටියාවත්ත සහ තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් පන්සියක (1500) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට අසුකරගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගලආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ වෙරළබඩ පොලිස් ස්ථානය හා එක්ව කොළඹ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, හෙට්ටියාවත්ත මංසන්දිය අසලදීඅලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ එක් (01) සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එදිනම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාආයතනය වෙත ලද තොරතුරකට අනුව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තලෛමන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි තුන්සියක (300) තොගයක් සමඟ එක් (01) සැකකාරියක්මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට සහ සැකකාරියවයස අවුරුදු 56 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හදුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය…
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය. මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි. සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ය. නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ, ඔක්තෝබර් 11 වැනිදා මධ්‍යහ්න 12ට ය. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නාමයෝජනා භාරගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යෑම සහ මාර්ගවල අනවශ්‍ය ලෙස එක්රැස්වීම තහනම් බවයි. 2024 මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙයි.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ. ඔවුන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ තිබුණි. ජයශංකර් මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත. එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ…
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය. ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකාර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදි ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වා දුන් චන්දිත සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බව ද පැවසීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා…
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට අද (3) රාත්‍රියේදී සිදුවිය. ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි. මෙහිදී පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි. විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. තරගයේ 13(12.4) වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු…
වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද (03) පැවසීය. අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා, “අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා.…
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan),ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදුකර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්විය.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (02) මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ…