Author: Buzzer Editorial

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසා සිටියේය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු…

Read More

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි. ස්පේස් එක්ස්, ටෙස්ලා මෙන්ම එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ ද හිමිකරු වන ඉලොන් මස්ක්, ට්‍රම්ප්ට සහාය දක්වන බව නිවේදනය කළේ අද (6) පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර පැවැත්වුණු ජන රැලියක් අතරතුරේ ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙමිනි. පසුගිය ජුනි 13 වැනිදා ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ද මෙම ස්ථානයේදී වීම විශේෂත්වයකිනි. එම වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය. වේදිකාවේ සිටි රැස්ව සිටි රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතද්දී, ට්‍රම්ප් එම සිද්ධිය ද මතක් කළේය.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. පාකිස්තානු ජාතික පිරිමි රැඳවියන් 51ක් සහ කාන්තා රැඳවියන් 5ක් එම රැඳවියන් 56 ට ඇතුළත් වූ බවත් අදාල රැඳවියන්ගේ සිර දඬුවම සිය මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වන බවත් දිසානායක මහතා කීය. මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකළ පළමු අවස්ථාව මෙය බවද ඒ මහතා සඳහන් කළේය. සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමේ 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ එම පාකිස්තාන ජාතික සිරකරුවන් 56 පාකිස්තානය වෙත යොමු කළ බවත් කොළඹ බණ්ඩාරණායක…

Read More

මෙරට 15 වැනි ජන හා නිවාස සංගණනය සඳහා පෞද්ගලික සහ නිවාස තොරතුරු රැස්කිරීම හෙට ආරම්භ වීමට නියමිතය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්නට අනුව ජනලේඛන නිලධාරීන් රට පුරා නිවෙස්වලට ගොස් මෙම වැදගත් දත්ත රැස් කිරීමට නියමිතව තිබේ. 2012 සංගණනයේ සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව මෑත තක්සේරු කිරීම් මගින් නිවාස ඒකකවල සැළකිව යුතු 24%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඇය අවධාරණය කළාය.

Read More

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළේය.

Read More

නැවත එවන් ඛේදවාචකයකට ඉඩක් නැහැ.ජනපති කටුවාපිටියේදී අවධාරණය කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින්…

Read More

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල වැඩි වී ඇතැයි ආනයනකරුවන් හා තොග වෙළෙදුන් පවසති. ඒ අනුව රුපියල් 175,180 වශයෙන් පැවති අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 190,200 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 220,230 ක් වශයෙන් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල 250,270 දක්වා වැඩි වී ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි. විශේෂයෙන් අර්තාපල් ආනයනය කරන පකිස්ථානයේ හා චීනයේ ද ලොකු ළූණු ආනයනය කරන ඉන්දියාවේ ද මිල වැඩි වී තිබීම අර්තාපල් සහ ලොකු ළූණු තොග මිල ඉහළයාමට තවත් හේතුවක් බව ද ඔවුහු පවසති.

Read More

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් පුද්ගලයින් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන් නිපදවීමද පහළ යාමක් දක්නට ලැබෙන බවත්ය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු පැවසීය. “පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත්…

Read More

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ. ඔහුගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි. එක්දින නිල සංචාරයකට පසුගිය සිකුරාදා(04) දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා දිවයිනට පැමිණියේය. එම සංචාරය අතරතුරදී ජනාධිපති, අගමැතිනිය, විපක්ෂනායකවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්විය. එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි…

Read More

අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More