Author: Buzzer Editorial

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවීය. එහිදී හසලක තුෂාරට එරෙහිව නඩුව අවසන් වනතෙක් අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින් පනවන ලදී. පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන ලෙසට නියෝගයක් නිකුත් කරන ලදී. YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීව ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික…

Read More

මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් නොවන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.”

Read More

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව හෝ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි. පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ. 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාව මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුලින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි ඔහු ඇතුළු හතර දෙනෙකුට චෝදනා එල්ල විය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. අනතුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම්…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළවයි. දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවය. ඒ අනුව එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. තවද එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවය. එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්…

Read More

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි. ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බව ලෝක බැංකුව පවසයි. අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මඟින් ඒ බව සඳහන්…

Read More

ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය වශයෙන් කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයකු වන රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබේ. 86 හැවිරිදි රතන් ටාටාගේ අභාවය ටාටා සමූහ ව්‍යාපාරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. “සැබවින්ම අසාමාන්‍ය නායකයකු වන රතන් නේවල් ටාටාගේ සමුගැනීම අපට බලවත් පාඩුවකි” යනුවෙන් ටාටා සමූහය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කියා සිටියේය. ටාටා සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවයි. ටාටා සන්ස් සහ ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් වැඩිදුරටත් පැවසුවේ, “ඔහු දැඩි ලෙස උද්‍යෝගයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අප උත්සාහ කරන අතර ඔහුගේ උරුමය අපව…

Read More

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 139 දෙනෙක් සහ සෙසුනිලයන් 1273 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ. එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත්…

Read More