Author: Buzzer Editorial

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ. රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ…

Read More

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ය. එය 64කි. අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි. 2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11) දහවල් 12ට අවසන් විය. මනාප අංක ඉදිර්යේදී ලබාදීමට…

Read More

තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු වන අශේන් සේනාරත්න හෙළි කළා. සමාජ මාධ්‍ය වීඩියෝ පටයකින් ඔහු කලකිරීම ප්‍රකාශ කළේ වැරදි පුද්ගලයකු නාමයෝජනා පත්‍ර භාරදුන් බව පවසමින් ප්‍රතික්ෂේප කිරීම සිදුකළ බවයි. එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව සේනාරත්න නිවේදනය කළේ තමන් කණ්ඩායමේ නායකයා ලෙස පැමිණ සිටියද වෙනත් අපේක්ෂකයෙකුට නාමයෝජනා භාරදීම සඳහා එළිමහනේ රැඳී සිටින ලෙස තමාට දැනුම් දුන් බව පවසමිනි. නාමයෝජනා භාරදීමට බලය ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න මැතිවරණ පනතේ සඳහන් වන බව මැතිවරණ කොමිසම යළිත් අවධාරණය කළේය. මෙයට අනුකූල වීමට අපොහොසත් වීම නුසුදුස්සෙකු වීමට හේතු වේ.

Read More

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි. ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි. දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ. ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු…

Read More

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. ඒ, අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ය. ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය. කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වූ ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය. එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය,…

Read More

අද (11) උදෑසන මගී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද උදෑසන 8:15 පමණ මෙම අනතුර සිදුවී ඇත. ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනි. කෑගල්ල පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් තුවාල ලැබූ මගින් 18 දෙනෙකු පමණ කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කළ බවය. කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස පානදුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස්‍ රථය ගැටී තිබේ. පානදුර දෙස සිට පැමිණි බස්‍ රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

Read More

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ, රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙසය. මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක ය. තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවද පොලීසිය පවසයි. නමුත්…

Read More

සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවය.

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. මේ පිරිසට හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන එම හිටපු ජනපතිවරු තිදෙනා වෙති. මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, , ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න,ගාමිණී ලොකුගේ, , මහින්ද යාපා අබේවර්ධන , සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක , කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති. මේ අතර පසුගියදා…

Read More