- ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
- ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි
- මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු නොවෙයි
- ජනපති සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු අතර හමුවක්
- අමෙරිකාව චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ සැලසුමක
- SpaceX රොකට්ටුවක් පුපුරා යයි
- සබරගමුවේ නවකවද සිද්ධිය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- ආසියාවට කඩාවැදෙන කොවිඩ්
Author: Buzzer Editorial
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය නවසීලන්තය කඩුලු 8 කින් අද(12) ජය ගත්තේය. සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය. ඒ අනුව, නායක චමරි අතපත්තු සමග විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 26කි. විශ්මි ගුණරත්න ලකුණු 8කට පිටියෙන් ඉවත් කිරීමට ඊඩ්න් කාර්සන් සමත් විය. නායක චමරි ලකුණු 35ක් රැස් කළ අතර ඇය දැවී ගියේ අමේලියා කර්ගේ පන්දුවක් හමුවේය. හර්ෂිතා සමරවික්‍රම රැස්කළ ලකණු සංඛ්‍යාව 18කි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන්. එම අවස්ථාවේ මගී දුම්රිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 1360කි. අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්ව, මෝටර් රථයක් ද ගිනි ගෙන තිබේ. ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18 ක් අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබාගත හැකි බවත් පැවසීය.…
මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබේ. අද (12) සවස මෙම පුද්ගලයින් තිදෙනා දුම්රියේ ගැටී තිබුණේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදීය. අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර වයස අවුරුදු තුනක දරුවකුත් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. එම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය. මියගිය පුද්ගලයින් තිදෙනා කළුතර දකුණු රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ව බව වාර්තා වෙයි.
පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදවාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරන ලදි. එසේම, ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ…
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර තිබේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ. මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම…
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය විසින් සිය භාරගෙන ගෙන ඇත.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තද…
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයන් දිවි ගලවා ගත්තන් විසින් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇත. ජපානයේ ප්‍රදේශ 47 ක සංවිධානයේ ශාඛා තිබේ. ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු නොබෙල් ආයතනය මෙවර නොබෙල් සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට හිමිවන බව අද (11) ප්‍රකාශ කළේය. මෙම වසරේ සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට පිරිනැමීම තුළින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ…