- IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
- අද කාලගුණය
- එට්නා සක්‍රීය වෙයි
- සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට
- ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට
- FBC පරීක්ෂණයකට වැඩිපුර මුදල් ගත් රසායනාගාරයකට ලක්ෂ 5ක දඩයක්
- හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි
- මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ
Author: Buzzer Editorial
වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පවත්වා තිබේ. කොළඹ දී පැවති මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අය සහභාගී වී සිටියහ. එම ජාතික සමුළුවේදී හිටපු ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම විශේෂත්වයකි. එහිදි මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළේය. “රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වෙනියෝ කැබිනට් මණ්ඩලය. එක දෙක තුන පිරිසිදු වෙන්න ඕනේ. දුෂණය වංචාවෙන් තොර වෙන්න ඕනේ. මම කොහෙත්ම කැමති නෑ මේ පහුගිය 74 ම මේ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි. ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිතය. 2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර ඇත. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂය ප්‍රතික්ෂේප කළ බවත් ඇය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තවදුරටත් කටයුතු කරන බවත් සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජනමාධ්‍ය හමුවකදී පැවැසීය. “අපි ප්‍රේමචන්ද්‍ර මැතිණියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇය ඊට එකඟ වී තිබෙනවා. ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මැතිණියට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එය කළ නොහැකි වුවහොත් එහි කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා.” ඇය අප[අපේක්ෂිකාවක බැවින් කොළඹ දිස්ත්‍රික්කය…
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි. දුම්රිය මාර්ග සම්බන්ධ…
වර්තමාන ආණ්ඩුව දවස් 13ක කාලය ඇතුළත රුපියල් කෝටි 41,900ක් භාණ්ඩාගාර බිල්පත් හා බැ¾දුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න දඹුල්ලේදී පෙරේදා (15දා) පැවැසුවාය. මේ අනුව ආණ්ඩුව පසුගිය 2 සිට 15 දක්වා දවසකට රුපියල් කෝටි 3,223ක් බැගින් එනම් පැයකට රුපියල් කෝටි 134.29 බැගින් ණය ලබාගෙන ඇති බවත් මෙම ණය ලබාගෙන කරන්නේ මොනවාද සහ ණයවලින් කරන ආයෝජනය කුමක්දැයි රටට පැහැදිලි කළ යුතු බවත් ඇය කීවාය. රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටින නමුත් දැනෙන සහනයක් රටට නොලැබෙන බව ඇය පැවැසුවාය. විශ්‍රාමිකයන්ට ලැබිය යුතු රුපියල් 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී…
යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනය සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත පැල 75000 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් යුධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේ ‘රත් හදුන්’ පැලයක් රෝපණය කරමින් සමාරම්භය සටහන් කරන ලදී.මෙයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා කෘෂිකර්ම ව්‍යාපෘති භුමියෙහි පැළ රෝපණය කිරීම සිදුකල අතර මේ සදහා රුක් රෝපණ ව්‍යාපෘතියේ සම්පත් දායකත්වය දැක්වු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ වන විද්‍යා හා වන ව්‍යාපෘති නිලධාරි ෆාතිමා අළුවිහාරේ,මධ්‍ය පරිසර අධිකාරියේ පාරිසරික ප්‍රවර්ධන අධ්‍යක්‍ෂක ශ්‍යාමිණි පෙරියප්පෙරුම, පරිසර ක්‍රියාකාරිනි නෙත්මි හිරන්‍යා කොළඹවිතානගේ හා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ…
අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ආයෝජනය කරමින් කොළඹ ඉදිකළ ”සිනමන් ලයිෆ්” අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අද (15) විවෘත කෙරුණි. අද ON TOPIC තුළින් තොරතුරු ගෙන එන්නේ, දකුණු ආසියාවේ විශාලම හෝටලය වන සිනමන් ලයිෆ් පිළිබඳව ය. කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි. නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නිසැකය. Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තේය. තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163කි. ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වෙයි. හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේදී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස දෙවැනි වරටත් එම කණ්ඩායම සමග එක්විය. නමුත් හිටපු නායකයින් මෙන්ම වර්තමාන එරට ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් ද හතුරුසිංහ ව නැවත එක්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.
ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එසේම 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළ ව සිදුකරන විමර්ශනවලදී දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ද…